අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තවත් ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායක හෙළි කරයි

තවත් ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායක හෙළි කරයි

ස්නායු, හන්දි සහ හදවත් රෝග සඳහා භාවිත කරන Human Immunoglobulin (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට…

ස්නායු, හන්දි සහ හදවත් රෝග සඳහා භාවිත කරන Human Immunoglobulin (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර සිටියි.  

රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබා දීමට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වග කිව යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇතැයි පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබා දෙන පිළිතුර කුමක්දැයි ද ප්‍රශ්න කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තවත් ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායක හෙළි කරයි | Lanka Newsweek