තවත් අවුරුදු දෙක තුනකින් මෙහා රටේ ආර්ථික දියුණුවක් නැහැ

රට මුහුණ පා සිටින ජනතාවට නොදැනෙන තිත්ත ඇත්ත මෙන්න..! ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ල සැලැස්මට අනුව සිදු වුව ද මෙරට ජනතාවට ආර්ථිකයේ සැබෑ දියුණුවක් අත්දැකීමට තවත් වසර දෙක තුනක් ගත වනු ඇතැයි ශ්‍රී…
රට මුහුණ පා සිටින ජනතාවට නොදැනෙන තිත්ත ඇත්ත මෙන්න..!
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ල සැලැස්මට අනුව සිදු වුව ද මෙරට ජනතාවට ආර්ථිකයේ සැබෑ දියුණුවක් අත්දැකීමට තවත් වසර දෙක තුනක් ගත වනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ ප්‍රධානී ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ, ආදායම් අහිමි වීම සහ ඉහළ බදු හඳුන්වා දීම හේතුවෙන් වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා විදෙස් රටවල්වලට යාමට ජනතාව පෙළෙඹෙන බව ය.
ණය අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වසර ගණනාවකින් පසුබැසීමත් සමග, රජයට බලාපොරොත්තු විය හැක්කේ වේදනාකාරී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන තෙක් බලා සිටීමට ප්‍රමාණවත් ඉවසීමක් මිනිසුන්ට ඇතැයි යන්න පමණක් බව ද ඇය පවසන්නීය.
දැන්වීම
ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පෙන්වා, 2024 වසරේ පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණයත් සමග ශ්‍රී ලංකාවට එම වසර තීරණාත්මක වසරක් වනු ඇති බව ය.
මේ අතර, ඉක්මන් මැතිවරණ සඳහා වන ඉල්ලීම් මධ්‍යයේ ඇති වී තිබෙන මහජන අප්‍රසාදය සහ දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් ආර්ථික තීරණ ගැනීම ප්‍රමාද නොවන බව සහතික කිරීම, වඩාත් ප්‍රබල සහ ප්‍රවීණ දේශපාලන නායකයාගේ පවා කුසලතා පරීක්ෂා කිරීමට සූදානම් වන බව ද ඇය පෙන්වා දෙන්නීය.
අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලංකාව 2022 වසරේ ඉහළ ම ආහාර මිල උද්ධමනය ඇති පළමු රටවල් පහ අතරට පැමිණි බව වන අතර එමගින් අවදානමනට ලක් විය හැකි පිරිස් දරිද්‍රතාවට ඇද දැමූ බව ද ආචාර්ය දුෂ්නි වීරකෝන් සඳහන් කරන්නීය.
ඇය පෙන්වා දෙන්නේ, රැකියා සහ ආදායම් අහිමි වීම් රට දිගු කාලීන අවපාතයකට ඇද වැටීම සංඥා කරන අතර ඒ සමග දරිද්‍රතාව ඉහළ යනු ඇති බව ය.
2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 9කට ආසන්න ප්‍රමාණයකින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කළ අතර නවතම ඇස්තමේන්තු අනුව 2023 වසරේදී ආර්ථිකය සියයට 3-4කින් හැකිලෙනු ඇතැයි ඇය පුරෝකථනය කරන්නීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම සීමිත ද්‍රවශීලතාවය සපයන අතර ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය වැඩි දුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සඳහා ඇති හොඳ ම බලාපොරොත්තුව වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම බව ය.