තලවකැලේ ගින්නකින් නිවාස 24ක් විනාශයි - 71ක් දෙනෙක් අවතැන්..!

තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටි. එක් නිවසක හටගත් ගින්න ක්‍රමයෙන්…
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටි.
එක් නිවසක හටගත් ගින්න ක්‍රමයෙන් සෙසු නිවාසවලටද පැතිර ගොස් ඇත.
බොහෝ දුරට මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වී තිබෙන බවට තලවකැලේ පොලිසිය සැක පළ කරයි.
නුවරඑලිය මහ නගර සභාවේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, තලවකැලේ පොලිසිය , යුද හමුදා , පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සහ වතුකම්කරුවන් ද එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මද පාලනය කර ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් හානි වී සිදු වී නොමැති අතර නිවාස 24 කට අයත් සමාජිකයන් 71 දෙනෙකු අවතැන් වී සිටින අතර ඔවුන් හොලිරුඩි දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇත.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව තලවකැලේ පොලිසිය පවසයි.