තරුණ සේවා සභාවේ කෝටි 18ක් රනිල් ඡන්දයට අරගෙන

තරුණ සේවා සභාවේ රු. කෝටි 18ක් රනිල්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද වැඩට අරගෙන චෙක් සියල්ල අස්සන් කරගෙන තියෙන්නේ ඡන්දෙට කළින් දින දවල් 2 න් පසුව කෝප් කමිටුවේදී අනාවරණය වෙලා ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ…
තරුණ සේවා සභාවේ රු. කෝටි 18ක් රනිල්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද වැඩට අරගෙන
චෙක් සියල්ල අස්සන් කරගෙන තියෙන්නේ ඡන්දෙට කළින් දින දවල් 2 න් පසුව
කෝප් කමිටුවේදී අනාවරණය වෙලා
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වු රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.
ජනාධිපතිවරණයට පෙර දින දහවල් 2න් පසුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන සහිතව මෙම චෙක් පත් නිකුත් කර බවද එහිදී හෙළිවිය. සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් තමන්ට ස්ථාන මාරු ලබාදෙනු ඇතැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ නිලධාරීහු කෝප් කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙන ලදි.
තමන්ට පැවරුණු කාර්යභාරය කොන්ද කෙලින් තියාගෙන නිවැරදිව ඉටුකරන ලෙස කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර එහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.
දැන්වීම
එවකට මුදල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී ප්‍රකාශ විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි.
සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ. මේ ආකාරයට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තරුණසේවා සභාවට අයත් මුදල් රුපියල් කෝටි ගණනක් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය සදහා වියදම් කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.