තරුණ තරුණියන් රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරනවා

"Project Youth" වැඩ සටහන හරහා තාරුණ්‍ය ගොඩනගනවා තරුණ තරුණියන් සමග සමාජ ගිවිසුමකට එළැඹෙනවා සජබය හැර විකල්පයක් නැහැ රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට එම තාරුණ්‍යය පත්…
"Project Youth" වැඩ සටහන හරහා තාරුණ්‍ය ගොඩනගනවා
තරුණ තරුණියන් සමග සමාජ ගිවිසුමකට එළැඹෙනවා
සජබය හැර විකල්පයක් නැහැ

රටේ තාරුණ්‍යය එකට එකතු කර ගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට එම තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු "Project Youth" වැඩ සටහන් හරහා තරුණ තරුණියන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොමියුනිස්ට්වාදීන්, මාක්ස්වාදීන් සහ අන්ත වාමවාදීන්, අධ්‍යාපනය නූතනවාදී කිරීමට සැරසෙන සෑම මොහොතකම ඊට බාධා කරන බවත් එම කණ්ඩායම්වල දූ දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් සේම පෞද්ගලික විශ්ව විද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කෑගල්ලේ පැවැති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමින් වන අතර එම අවස්ථාවට තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සමාජයේ බොහෝ දෙනකු පොරොන්දු දේශපාලනය පිළි නොගන්නා අතර එමගින් පැහැදිළි වන්නේ බලය ලැබීමට පෙර ලබා දෙන පොරොන්දු බලයට පත් වුණාට පසුව කඩ කරන බව ජනතාව දන්නා බව යැයි ද, දශක ගණනාවක් පුරා පොරොන්දු කඩ කිරීම් සිදු වුවත් සමගි ජන බලවේගයට සහ තමාට පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරීමට සේම තරුණ තරුණියන් සමඟ පැහැදිලි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වීමට තමාට අයිතියක් ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඊට හේතුව තමා ඇතුළු පිරිස පොරොන්දු දී රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය බලයක් නැතිව සක්වල සහ හුස්ම වැඩ සටහන් හරහා අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කරන්න කටයුතු කිරීම නිසා බවත් තමා මේ රටට කළ සේවය අවිශ්වාස කරනවා නම් දිනපතා සෞඛ්‍ය සහ අධ්‍යාපනය ශක්තිමත් කරන්න බලයක් නැතිව කරන වැඩ සටහන් පිළිබඳ සොයා බැලිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
2019 ජනාධිපතිවරණයේදී තරුණ තරුණියන් සමඟ සමාජ ගිවිසුමක් අත්සන් කළේ තමා බවත් මැතිවරණ පරාජයත් සමඟ තරුණයන් වෙනුවෙන් අපේක්ෂිත වැඩ කොටසක් කරන්න නොහැකි වුවත් මෙවරත් එවැනිම සමාජ ගිවිසුමක් ඉදිරිපත් කරන බවත් එහිදී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර දියුණු කර යාවත්කාලීන කරනවා සේම ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමින් යුත් සුහුරු අධ්‍යාපනයක් ලබා දෙන බවත් ඊට අමතරව රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය ඇතුළත මෙරට තාරුණ්‍යයට විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සියලු දේ ඡන්ද වැඩි කර ගැනීමට නොව විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීයව සිදු කරන ක්‍රියාවක් බවත් කුඩා තේ වතු හිමියන් වැඩි වන විට මෙරට තේ නිෂ්පාදනය ඉහළ යන බවට විද්‍යාත්මක දත්ත මඟින් අනාවරණය වී ඇති නිසා මේ කුඩා තේ වතු වගා සංග්‍රාමය ආරම්භ කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.