තමා එළවන්න අත උස්සන මන්ත‍්‍රීන් දේශද්‍රෝහීන්

මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක මහතා පහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා පත්රයක් ගොනු කර ඇතැයි දැන ගැනීමට තිබේ. තමා මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන…
මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ජනක රත්නායක මහතා පහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා පත්රයක් ගොනු කර ඇතැයි දැන ගැනීමට තිබේ.
තමා මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන මන්ත්‍රීවරුන් ජනතාවට කරන්නේ ද්‍රෝහිකමක් බව මහ ජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
තමා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම නොරුස්සන පිරිසක් තමා ධුරයෙන් ඉවත් කිරීමට අභූත සහ අසත්‍ය චෝදනා පත්රයක් ගොනු කර ඇතැයිද හෙතෙම පවසයි.
එම චෝදනා පත්‍රයට අත ඔස වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන්නේ ඔවුන් බලයට පත් කරන ලද ජනතාවට එරෙහි වීමක් බව ද ජනක රත්නායක මහතා අවධාරණය කර සිටියි.