අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ සහ ජලනිගේ මූලිකත්වයෙන්..!

තන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ සහ ජලනිගේ මූලිකත්වයෙන්..!

ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාර පුද බිමේ කඨින පූජෝත්සවය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් සෙනසුරාදා (25) ඉරිදා (26) දෙදින පුරා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට…

ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාර පුද බිමේ කඨින පූජෝත්සවය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් සෙනසුරාදා (25) ඉරිදා (26) දෙදින පුරා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතය.

මෙහිදී අභිනවයෙන් ඉදි කෙරුණු ද්වාර මණ්ඩපය සහ වළාකුළු බැම්ම සඟ සතු කොට පූජා කිරීමට ද නියමිත බව ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරය පවසයි.  

ඉරිදා (26) අලුයම මහා කඨීන චීවර පූජාව සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශීල සමාදාන ව්‍යාපාරයක් සහ මහා සංඝ ගත දක්ෂිණාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තන්තිරිමලේ කඨින පිංකම සජිත්ගේ සහ ජලනිගේ මූලිකත්වයෙන්..! | Lanka Newsweek