අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තනතුර රැක ගන්න ක්‍රිෂාන්ත කුරේ අගමැති මුරුංග අත්තේ නග්ගලා..!

තනතුර රැක ගන්න ක්‍රිෂාන්ත කුරේ අගමැති මුරුංග අත්තේ නග්ගලා..!

අරලිය මැදුරේ තොරතුරු මංගල සමරවීර ප්‍රතික්ෂේප කරයි..? තනතුර රැක ගැනීමේ “කුරේ මෙහෙයුම” ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සිය…

අරලිය මැදුරේ තොරතුරු මංගල සමරවීර ප්‍රතික්ෂේප කරයි..?

තනතුර රැක ගැනීමේ “කුරේ මෙහෙයුම” ඇරඹේ..!

 

(සුජිත් මංගල ද සිල්වා)

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සිය තනතුරු රැක ගැනීම සඳහා නායකයින් සහ මැති ඇමතිවරුන් හමුවේ බැගෑ පත් වෙමින් ද මාධ්‍ය ආයතනවලට කතා කරමින් ද  මේ වන විට විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

සිය වැඩ පිළිවෙළ සහ ක්‍රියා කලාපයට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සිටින ස්ථාවරය සම්බන්ධයෙන් ඉව වැටී ඇති ක්‍රිෂාන්ත කුරේ මහතා සිය මෙහෙයුමේ පළමු පියවර ලෙස සිදු කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර,ම්හින්තලා රජ මහ විහාරයේදී බදාදා (29) පැවති “ලේක්හවුස්” ආලෝක පූජාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සීමාව ඉක්මවා අතිශයින් වර්ණනා කිරීමය.

“ලේක්හවුස්” ආයතනය හරහා  1963 දී මේ ආලෝක පූජාවක් ආරම්භ කළ එහි නිර්මාතෘ සීමාසහිත විජය පුවත් පත් සමාගමේ අධිපති රංජිත් විජයවර්ධන මහතා ද මේ සභාවේ සිටියදී ක්‍රිෂාන්ත කුරේ මහතා “විජයවර්ධන පරපුරේ මහ පුරුක” රනිල් වික්‍රමසිංහ මහතා බවට ඇඟ වෙන පරිදි සීමාව ඉක්මවා ඔහුව වර්ණනා කර ඇති අතර එමගින් රනිල් වික්‍රමසිංහ මහතා ද යම් අපහසුතාවයකට පත්වූ බවක් දිස් වූයේ යැයි එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදීහූ “lankanewsweek” සමග පැවසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්ණනා කිරීමෙන් නොනැවතී ඇති ක්‍රිෂාන්ත කුරේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අනතුරුව රංජිත් විජයවර්ධන මහතා ද අතිශයින් වර්ණනා කර කර තිබේ.

මේ අතර එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට ජූලි පළමු වැනිදා සිට සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවට පළ වන “වෙබ්” වාර්තා අසත්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ යැයි “srilankamirror” අන්තර් ජාල වෙබ් පුවත්පත බ්‍රහස්පතින්දා (28) වාර්තා කර තිබිණ.

කෙසේ නමුත් ක්‍රිෂාන්ත කුරේ මහතා “ලේක්හවුස්” සභාපති ධූරයෙන් පහ කෙරෙන්නේ මේ මස අවසන් වන විට සහ ජූලි මස පළමු සතිය වන විට රාජ්‍ය මධ්‍යයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති දැඩි තීරණයට අනුවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාව අතරට නිවැරදිව,උපක්‍රමිකව සහ සලසුම්සගතව තොරතුරු යවමින් ජන සමාජය දැනුම්වත් කර පෙළ ගැස්සවීමක් සිදු නොවන නිසාය.

ස්වාධීන රුපවාහිනීයේ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සිය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාට දැනුම් දුන්නේ ද මේ පසුබිම මතය.

මේ අතර ලේක්හවුස් සභාපති ධූරයෙන් ඉවත් වන ලෙසට ක්‍රිෂාන්ත කුරේ මහතාට මේ වන තුරුත් දැනුම් දී නොමැති නම් හෙට අනිද්දාම ඔහුට ඒ බව දැනුම් දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු “lankanewsweek” සමග පැවසූහ.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද  අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද විශේෂ අවධානයට ලක්ව තිබෙන බව අරලිය ගහ මන්දිරයේ තහවුරු කළ විශේෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර “ක්‍රිෂාන්ත කුරේ ලේක්හවුසියෙන් දොට්ට” යන ශීර්ෂය යටතේ “lankanewsweek” පළ කළ වාර්තාවේ ක්‍රිෂාන්ත කුරේ මහතා සම්බන්ධයෙන් අන්තර් ගත “ ජනාධිපතිවරයාගේ තොරතුරු අගමැතිවරයාටත් අගමැතිවරයාගේ තොරතුරු ජනාධිපතිවරයාටත් ලබා දෙමින් නායකයින් දෙදෙනා ඉදිරියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන චරිත දෙකක් රඟ දක් වන අතර...” යන කොටස මංගල සමරවීර මහතා ද සිය ප්‍රකාශය මගින් අනියමින් තහවුරු කර තිබේ.

ඒ මෙසේය “ක්‍රිෂාන්ත කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සාමාජිකයකු වන අතර ඒ මහතා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග කිට්ටුවෙන් කටයුතු කරන අයෙකි”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
තනතුර රැක ගන්න ක්‍රිෂාන්ත කුරේ අගමැති මුරුංග අත්තේ නග්ගලා..! | Lanka Newsweek