අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තත්ත්වය බරපතළයි-චීනයෙන් සහ ඉන්දියාවෙන් කඩිනම් ණයක් ඉල්ලයි

තත්ත්වය බරපතළයි-චීනයෙන් සහ ඉන්දියාවෙන් කඩිනම් ණයක් ඉල්ලයි

ණය කපා හැරීමට එකඟ නොවුණොත් IMF සල්ලිත් නැහැ තත්ත්වය ඉතාම බරපතළයි ශ්‍රී ලංකාවට කඩිනමින් ණය සහනයක් ලබා දීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට ණය ආපසු…

ණය කපා හැරීමට එකඟ නොවුණොත් IMF සල්ලිත් නැහැ 

තත්ත්වය ඉතාම බරපතළයි 

ශ්‍රී ලංකාවට කඩිනමින් ණය සහනයක් ලබා දීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමි රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසු වන චීනය සහ ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම මුදල් නිදහස් නොකරනු ඇත.

ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටින්නේ, චීනය සහ ඉන්දියාව ඉක්මනින්ම මූල්‍ය සහතික ලබා දීම ණය හිමියෙකු ලෙසත්, ණය ගැතියෙකු ලෙසත් දෙපාර්ශවයටම යහපත් වනු ඇති අතර එසේ වුණොත් එම රටවල ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවය. 

දැන්වීම

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ, රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වගේ තත්ත්වයක සිටීමේ අවශ්‍යතාවයක් නොමැති අතර දිගු කාලයක් මෙසේ ණය නොගෙවා සිටීම රටට-ජනතාවට යහපත් නොවනවා සේම  එම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ආයෝජකයින්ට ඇති විශ්වාසය ද බිඳ වැටෙනු ඇති බවය. 

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලී ගිය අතර මේ වසරේ ආර්ථික තත්ත්වය තවත් 4.2%කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තත්ත්වය බරපතළයි-චීනයෙන් සහ ඉන්දියාවෙන් කඩිනම් ණයක් ඉල්ලයි | Lanka Newsweek