අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තත්ත්වයෙන් බාල තෙල් තොග වෙළෙඳ පොළට නිකුත් කරලා

තත්ත්වයෙන් බාල තෙල් තොග වෙළෙඳ පොළට නිකුත් කරලා

විෂය භාර ඇමති පිළිතුරු දිය යුතුයි විපක්ෂ නායක හෙළි කරයි පරීක්ෂණාගාර වාර්තා රැසකින්, තත්ත්වයෙන් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් ගැන තමා මීට පෙර අවස්ථාවක දී පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අවස්ථාවේ…

විෂය භාර ඇමති පිළිතුරු දිය යුතුයි 

විපක්ෂ නායක හෙළි කරයි  

පරීක්ෂණාගාර වාර්තා රැසකින්, තත්ත්වයෙන් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් ගැන තමා මීට පෙර අවස්ථාවක දී පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රකාශයක් සිදු කළද, එම තෙල් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (16) හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් නිවැරදි කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත්, මේ තත්ත්වය ඉතා බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. 

මෙම බාල ඉන්ධන තොගය වෙළඳ පොළට නිකුත් කර ඇත්තේ, හොඳ ඉන්ධන සමඟ මිශ්‍ර කිරීමෙන් බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඒ ඔස්සේ මෙහි යම් දූෂණ ක්‍රියාවක් සිදුව ඇති බවක් පෙනී යන බව ද කියා සිටියේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තත්ත්වයෙන් බාල තෙල් තොග වෙළෙඳ පොළට නිකුත් කරලා | Lanka Newsweek