ඩොලර් හිඟය උග්‍ර වෙලා-වහාම IMF යනු

නොඑසේ නම් විකල්පයක් ඉදිරිපත් කරනු ජනතාව ප්‍රකෝප වෙලා-ජනතා විරෝධය පුපුරා ගියොත් රටම ඉවරයි තෙල් සහ ආහාර ඉන්දියාවෙන් ණයට ගත්තා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ අලුත් අවුරුදු වන විට සාගතයක් නියතයි රනිල්…
නොඑසේ නම් විකල්පයක් ඉදිරිපත් කරනු
ජනතාව ප්‍රකෝප වෙලා-ජනතා විරෝධය පුපුරා ගියොත් රටම ඉවරයි
තෙල් සහ ආහාර ඉන්දියාවෙන් ණයට ගත්තා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ
අලුත් අවුරුදු වන විට සාගතයක් නියතයි
රනිල් ගෝඨාට ඇත්ත පහදා දෙයි
(සුජිත් මංගල ද සිල්වා)
රටේ ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
මේ හේතුවෙන් විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් ද, රැකියා අහිමි වෙමින් ද, මධ්‍යම පන්තිය පිරිහෙමින් ද, ගොවි ජනයා අනාථ වෙමින් ද පවතින නමුත් මේ අතිශය උග්‍ර ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට රජය තවමත් අසමත් වී සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
COVID-19 වසංගතය පැවතිය ද 2020-2021 වර්ෂවල දී ලෝකයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බව කියා සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළි ගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම වන බව ද සඳහන් කරයි.
දැන්වීම
නමුත් ඒ විසඳුම් දෙකෙන් එකක්වත් රජය මේ වන තුරුත් ලබා දී නොමැති අතර රටේ උද්ගත වී තිබෙන අතිශය උග්‍ර අර්බුදය හමුවේ ජනතාව මේ වන විට දැඩි ප්‍රකෝපයට පත්ව සිටින බව ද, ජනතාවගේ එම කෝපය පාර්ලිමේන්තුවට සහ ජාතික දේශපාලනයට ඉතා අයහපත් ලෙස බලපානු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
මිට අමතරව රටේ ඇති වීමට නියමිත ආහාර හිඟය ජනතාව මුහුණ පා සිටින තවත් විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවද ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ විශාල ආහාර හිගයක් ඇති වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවා සිටියි.
රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 %ක පමණ ප්‍රමාණයක් වන බව ද, මෙවැනි තත්ත්වයක් ඇති වුව හොත් අපට මුහුණ දීමට සිදු වන දේශපාලන පසුබිම ගැන සිතිය යුතු බව ද පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා මෙම අර්බුදකාරී තත්ත්වය මත කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වුව හොත් එම පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බව ද කියා සිටියි.
ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු යැයි ද, ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නය නොවිසදෙන බව ද පවසන රනිල් වික්‍රමසිංහ මහතා නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.