ඩොලර් කෝටි 150ක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වෙයි

ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් (ඩොලර් කෝටි 150ක්) ශ්‍රී ලංකාවට පිරිනැමීමට ලෝක බැංකුව සිය එකඟතාව පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු විගස…
ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් (ඩොලර් කෝටි 150ක්) ශ්‍රී ලංකාවට පිරිනැමීමට ලෝක බැංකුව සිය එකඟතාව පළ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු විගස මෙම මුදල් වෙන් කරන බවටත් එහි පළමු කොටස විගසින් මුදා හරින බවටත් ලෝක බැංකු නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් ඇතුළු නියෝජිත පිරිස මෙම එකඟතාවය පළ කර ඇත්තේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු මෙරට නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගෙවුණු සතියේ පැවැත් වූ සාකච්ඡාවේදීය.
මූල්‍ය විනයක් ඇති කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර ඇති ලෝක බැංකු නියෝජිතයන්, එම කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහය දෙන බවට ද පොරොන්දු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.