අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්

රටක් ලෙස සාමුහිකව සහ සබුද්ධිකව ක්‍රියාකළ යුතුයි ජනපති-විපක්ෂය-ව්‍යවසායකයින්-ආර්ථික ප්‍රතිපත්ති සකසන්නන් එක් විය යුතුයි වැඩ වර්ජන නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් පරිවර්තනීය යුගයකට නොපිවිස අපනයන ආර්ථිකය…

රටක් ලෙස සාමුහිකව සහ සබුද්ධිකව ක්‍රියාකළ යුතුයි 

ජනපති-විපක්ෂය-ව්‍යවසායකයින්-ආර්ථික ප්‍රතිපත්ති සකසන්නන් එක් විය යුතුයි 

වැඩ වර්ජන නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් 

පරිවර්තනීය යුගයකට නොපිවිස අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගත නොහැකියි 

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ශ්‍රී ලංකාවට අදාළ තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට  සිදු කරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇති වන තරඟකාරී තත්ත්වය සැලකා රටක් වශයෙන් අප සාමුහිකව සහ සබුද්ධිකව ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනය මෙසේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාළ තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට  සිදු කරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇති වන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරනු කැමැත්තෙමු.

දැන්වීම

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස, එහි දී ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ද විශේෂයෙන් සේම රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කරන්නා වූ ආයතනයන්ගෙන් පමණක් නොව පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් සහ වෘත්තීය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මතු විය හැකි අභියෝග පිළිබඳව සාමුහිකව එක් වී ඉදිරි සැලසුම් සකස් කර ගන්නා ලෙසට ය.

එහි දී අප අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු අංශ ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකීමේ දී  සැලකෙන්නේ අඩුම ඵලදායීතාවයක් ඇති රටක් ලෙසට ය. එමෙන්ම විදුලි ගාස්තු අතින් ද පවතින්නේ ඉහළම මට්ටමක ය. ලෝකයේ වැඩිම නිවාඩු සහිත රටක් ලෙස අප සිටින්නේ කර්මාන්ත අධෛර්යමත් කරන පරිසරයක ය. ඊට අමතරව වරාය සහ අනෙකුත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරතුරුව සිදු වන වැඩ වර්ජන හේතුවෙන් ද අප රටේ නිෂ්පාදන අංශයට එල්ල කරන්නේ මාරාන්තික තර්ජනයකි.

මෙම තත්ත්වයන් කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ අප හමුවේ තරඟ කරන ආසියානු කලාපයේ අනෙකුත් රටවල් පවත්වා ගෙන යන නිෂ්පාදන හිත කර වාතාවරණයන් සැලකිල්ලට ගනිමිනි. එසේ පරිවර්තනීය යුගයකට පිවිසෙන්නේ නැතිව අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගත නොහැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ද පුද්ගලික අංශය නියෝජනය කරන ව්‍යවසායක ප්‍රජාවගෙන් සේම දේශමාමක ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කරන ලෙසට ය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න