අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා

ඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීන් නව දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව සජිත්ට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ…

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීන් නව දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව සජිත්ට 

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වී තිබේ.

මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනා, ඩලස් අලහප්පෙරුම මහතා හුදෙකලා කරමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ගිවිසුමක් අත්සන් කරමින් සන්ධාන ගත වී තිබෙන්නේ කොන්දේසි විරහිතවය. 

සමගි ජන බලවේගය කේන්ද්‍ර කර ගෙන 2024 ජනවාරි 20 වැනිදා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙන අතර  ඒ ආසන්නයේ දී මෙම කොන්දේසි විරහිත එකඟතාවය නිල වශයෙන් රට-ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

මෙම තත්ත්වය මත නිදහස ජනතා සභාව දෙකඩ වී ඇති අතර එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් හුදෙකලා වී සිටිති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා | Lanka Newsweek