අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග හමුදා සෙබළෙකු අත් අඩංගුවට

කොස්ගොඩ එකම පවුලේ තිදෙනා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(නිලන්ති චන්ද්‍රසේන ) කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකරන ලද වැටලීමකදී මතුගම කටුගහහෙන සොල්දොරකඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවූ…

(නිලන්ති චන්ද්‍රසේන )

කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකරන ලද වැටලීමකදී  මතුගම කටුගහහෙන සොල්දොරකඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවූ මැගසින් එකක්  සන්තකයේ තබා ගෙන සිටි හමුදා සෙබලෙකු , ඔහු සමග සිටි තවත් සැකකරුවෙකු සහ මෝටර් රථයද අද (31) දින අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ මෙම සැකකරුවන් අවුරුදු 40 හා 41 වයසේ පසුවන අතර ඔවුන් මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය.

සැක කරුවන් අද (31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිත අතර සිද්ධිය  සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග හමුදා සෙබළෙකු අත් අඩංගුවට | Lanka Newsweek