අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ඥානසාර හිමිගේ අනතුරු ඇඟවීම පිළි ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් නැහැ

-ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි -

උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීමේ පසුබිම පැහැදිලි කරයි

අන්තවාදය පිළිබඳ එදා කළ අනාවරණ ආණ්ඩු නොසලකා හැරියා – පාස්කු ප්‍රහාරයෙන් පසු අවධානය යොමු වුණා

ගලගොඩඅත්තේ ඥානසාර

හිටපු අමාත්‍යවරයකු සහ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අන්තවාදය සම්බන්ධයෙන් අතීතයේ සිදුකළ අනාවරණයන් එවකට පැවති කිසිදු ආණ්ඩුවක් නිසි ලෙස සැලකිල්ලට නොගත් බවයි.

දැන්වීම

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම අනාවරණයන් පිළිබඳව රටේ බලධාරීන්ගේ අවධානය යොමු වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව බවයි.

එම පසුබිම සැලකිල්ලට ගනිමින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට එවකට තීරණය කළ බව කිරිඇල්ල මහතා පැවසීය.

මෙම කටයුත්තේදී රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර අදාළ තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අනාවරණයන් එදා බලධාරීන් විසින් නොසලකා හැරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතනද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බව කිරිඇල්ල මහතාගේ අදහසයි.

කෙසේ වෙතත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතැම් අවස්ථාවලදී සීමාව ඉක්මවා කටයුතු කිරීම වෙනම කරුණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඥානසාර හිමිගේ අනතුරු ඇඟවීම පිළි ගත්තා නම් පාස්කු ප්‍රහාරයක් නැහැ | Lanka Newsweek