අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට..!

ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට..!

අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) පෙරවරු 10 ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුකිරීමට නියමිතව ඇත. මොළයේ පිළිකාවක් හේතුවෙන් කලක්…

අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29)  පෙරවරු  10 ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුකිරීමට නියමිතව ඇත.

මොළයේ පිළිකාවක් හේතුවෙන් කලක් රෝගාතුරව සිටි අමෙරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට නායකත්වය දුන් ප්‍රබල යුද සෙන්පතියෙකි.

ජෝන් මැකේන්ගේ 82 වැනි උපන් දිනය ද හෙටට (29)  යෙදී තිබීම ද විශේෂත්වයක් වන අතර එම සිදුවීම සියල්ලන්ගේ සිත් සසල කිරීමට හේතු වී තිබේ.

ජෝන් මැකේන්ගේ අවමංගල්‍ය උත්සවයට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝ දුරට සහභාගී නොවනු ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරන  අතර ඔහුට ගෞරව කිරීමක් වශයෙන් ධවල මන්දිරයේ අමෙරිකානු ධජය අඩකුඹු කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට..! | Lanka Newsweek