ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩෙල්ටාවට එරෙහි වෙයි

(හේමන්ත තුසිත කුමාර) ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත අවම වශයෙන් මාස අටක්වත් ප්‍රතිශක්තිය සපයන අතර එය භයානක යයි පවසන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බව එන්නත නිෂ්පාදනය කරන…
(හේමන්ත තුසිත කුමාර)
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත අවම වශයෙන් මාස අටක්වත් ප්‍රතිශක්තිය සපයන අතර එය භයානක යයි පවසන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන බව එන්නත නිෂ්පාදනය කරන සමාගම බ්‍රහස්පතින්දා (01) රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"මෙතෙක් අධ්‍යයනය කරන ලද මාස අටක දත්ත වලින් පෙනී යන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් COVID-19 එන්නත මගින් ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වන බවත් ක්‍රමයෙන් උදාසීනකරණය නොවන බවත්ය.ඒ වෙනුවට කාලයත් සමඟ වැඩිදියුණු වීමක් අපි නිරීක්ෂණය කරමු". යනුවෙන් ජේ ඇන්ඩ් ජේ සමාගමෙහි ප්‍රධානී වෛද්‍ය මතායි මාමන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
දැන්වීම
එන්නතෙහි එක් මාත්‍රාවක් කල්පවත්නා ප්‍රතිදේහ ප්‍රතිචාරයක් (antibody response) ලබා දෙන අතර මාස අටක් පුරා පවතින T- සෛල නම් ප්‍රතිශක්තිකරණ සෛල ජනනය කරයි.
බෙත් ඊශ්‍රායෙල් ඩීකනස් වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ඩෑන් බාරූච් සහ කණ්ඩායම ස්වේච්ඡා සේවකයන් 20 දෙනෙකුගෙන් ලබාගත් රුධිරය මුල් අවධියේදී පරීක්‍ෂා කරන ලදී. ආසාදිත සෛල සොයා ගෙන විනාශ කරන සීඩී 8 ටී සෛල ඇතුළුව ටී-සෛල ප්‍රතිචාර පරීක්‍ෂා කළ මාස අටක කාල රාමුව තුළ අඛණ්ඩව පැවතුන බව දත්ත විශ්ලේෂණයන් පෙන්වා දෙන බව එම සමාගම පවසයි.
මීට පෙර බ්‍රහස්පතින්දා දිනයේදී ජේ ඇන්ඩ් ජේ සමාගම කියා සිටියේ එන්නතේ දෙවන හෝ බූස්ටර මාත්‍රාවක් අවශ්‍ය නොවන බවයි.කෙසේ වෙතත්, ජේ ඇන්ඩ් ජේ සමාගම, එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන සමඟ එක්ව, එන්නත මාත්‍රා දෙකක් ජනතාවට ලබා දීමෙන් වඩා හොඳ ආරක්ෂාවක් ලැබේද යන්න පරීක්ෂා කරමින් සිටී.
