ජේ .ආර් .ගේ වැරදුණු ගැටේ

අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යැවීම (කමල් ශී‍්‍ර ලියනගේ) එවක ආණ්ඩු කළේ සමගි පෙරමුණ ය. සමගි පෙරමුණ ආණ්ඩුවේ කලාවැව ආසනයේ මන්තී‍්‍රවරයා වූයේ ශී‍්‍ර.ල.නි.ප ප‍්‍රබලයකු වූ ආර්.බී. රතනමලල ය. ඔහු වසර 10කට…
අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යැවීම
(කමල් ශී‍්‍ර ලියනගේ)
එවක ආණ්ඩු කළේ සමගි පෙරමුණ ය. සමගි පෙරමුණ ආණ්ඩුවේ කලාවැව ආසනයේ මන්තී‍්‍රවරයා වූයේ ශී‍්‍ර.ල.නි.ප ප‍්‍රබලයකු වූ ආර්.බී. රතනමලල ය. ඔහු වසර 10කට වැඩි කාලයක් කලාවැව මන්තී‍්‍රවරයා ලෙස සේවය කළේ ය. 1975 වසරේදී අසනිප වූ ඔහු අවසන් හුස්ම හෙළුවේ ය. මේ නිසා කලාවැව ආසනයට අතුරු මැතිවරණයක් පවත්වා මන්තී‍්‍රවරයකු තෝරා පත් කර ගැනීමට සිදු විය.
මෙවන් අතුරු මැතිවරණයකදී ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද ජනපි‍්‍රයතාවය මැන ගැනීමට අවස්ථාවක් උදා වෙයි. ඒ නිසා සියලූම දේශපාලන පක්‍ෂ කලාවැව අතුරු මැතිවරණය සඳහා ජනපි‍්‍රය දිනන අපේක්‍ෂකයකු සිය පක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට යුහුසුළු විය.
එවකට ආණ්ඩු බලය හිමිව තිබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂයත් මෙම සටනේ දී පෙරමුණ ගෙන සිටියේ ය. ඒ සඳහා පක්‍ෂ දෙකම නාම යෝජනා මණ්ඩල කැඳවා සුදුසු අපේක්‍ෂකයකු තෝරා ගැනිම ආරම්භ කොට තිබුණි.
දැන්වීම
රට මේ වන විට දැඩි ආර්ථික අහේනියකට පත්ව තිබුණි. එන්න එන්නම අර්බුද උත්සන්න විය. කුමන ප‍්‍රශ්න පැන නැඟුණත් කලාවැව අතුරු මැතිවරණයෙන් ආණ්ඩුවේ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවිය යුතු බව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පක්ෂයේ ප‍්‍රබලයන්ට තරයේ කියා සිටියා ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයකු මෙන්ම ඇමැතිවරයකු වූ මෛතී‍්‍රපාල සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාම යෝජනා කමිටුවක් ද පත් කිරීමට මැතිණිය කටයුතු යොදා තිබුණි.
මෙම අතුරු මැතිවරණය කෙසේ හෝ ජය ගෙන විපක්‍ෂයේ ජනපි‍්‍රයතාවය රටට හෙළි කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට ද බලවත් අවශ්‍යතාවක් විය. ඊට වඩාත් කි‍්‍රයාකාරී වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ ආර්. පේ‍්‍රමදාස ය. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයින් තොර ගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණය ද පැවැත් විය.
මෙම සම්මුඛ පරීක්‍ෂණයට පැමිණ සිටි අපේක්‍ෂකයන් අතරින් ජනපි‍්‍රයම අපේක්‍ෂකයකු ලෙස කැපී පෙණුනේ ඒ.එම්.සේ. අධිකාරි ය. කලාවැවට ඉදිරිපත් කිරීමට සුදුස්සා ඔහු බව බව ආර් පේ‍්‍රමදාස, ජේ.ආර්. හමුවේ පුන පුනා කියා සිටියේ ය.
තමා කොතෙක් කීවද පක්‍ෂ නායකයා ලෙස ජේ.ආර්. එස් එම් අධිකාරී තරුණයා ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව ආර් පේ‍්‍රමදාසට වැටහී ගියේ ය. ලොක්කාගේ මේ නිහඬතාවයට කුමක් හෝ ප‍්‍රබල හේතුවක් ඇති බව දේශපාලන පොර පිටියේ එවකටත් හොඳ හැටි තෙම්පරාදු වී සිටි ඔහු තේරුම් ගෙන සිටියේ ය.ආර් පේ‍්‍රමදාසගේ මෙම කුතුහලය ඊට දින කීපයකින් තහවුරු කර ගැනීමට හැකි විය.
‘‘අනුර බණ්ඩාරනායක කලාවැවට දාන්න ආණ්ඩුව හදනවා. එයා එනවා නම් යූ.ඇන්.පී. එකෙන් කවුරුත් නොදාන්න ඔයාලගේ ලොක්කා පොරොන්දු වෙලා තියෙනවා....’’ යැයි පාර්ලිමේන්තු ලොබියේ දී දිනක් රණසිංහ පේ‍්‍රමදාස මහතාට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු පවසා සිටියේ ය.මේ ආරංචිය කන වැටුණු පේ‍්‍රමදාසට යක්ෂයා ආරූඪ විය.
‘අනුර බණ්ඩාරනායක කලාවැවට දානවාට අපේ පක්‍ෂයේත් වැඩි දෙනෙක් කැමති නැහැ. ඔයාලගේ ලොක්කා දීපු පොරොන්දුව ගැන ටිකක් හොයලා බලන්න’’
රහස හෙළි කළ ශී‍්‍රලනිප ඇමැතිවරයා ආර් පේ‍්‍රමදාස තව තවත් උනන්දු කළේ ය. ගිනිගත් ගැහෙන හදින් යුතු ආර් පේ‍්‍රමදාස ජේ.ආර්. හමුවීමට ඒ මොහොතේම ගියේ ය.
‘‘හැබෑද සර්...කලාවැවට අනුර බණ්ඩාරනායක එනවා නම් අපෙන් කෙනෙක් නොදාන්න පොරොන්දු වුණා කියන්නේ?’’ ඔහු ජේ.ආර්. ගෙන් කෙලින්ම ඇසූවේ ය. ඔහු බෙහෙවින් කලබලයට පත්ව සිටින බව තේරුම් ගත් ජේ.ආර්. ආර් ප්‍රේමදාසට අසුන් ගන්නා ලෙස අතින් සංඥා කළේ ය.
‘‘ඔව්... ආණ්ඩුව පැත්තෙන් කලාවැවට අනුර බණ්ඩාරනායක එනවා නම් අපි කවුරුවත් නොදා ඉඳිමු.’’ බොහෝ ප‍්‍රවේශම් සහිතව ගැඹුරු කටහඬ අවදි කරමින් ජේ.ආර්. කීවේ ය.
‘‘මෙදා පාර අපට ලේසියෙන්ම කලාවැව දිනන්න පුළුවන්. ඉතිං ඇයි අපි ඒ අවස්ථාව ඒක නැති කර ගන්නේ?’’සිය නායකයාගේ මතයේ යම් වෙනසක් කිරීමේ අදහසින් රණසිංහ පේ‍්‍රමදාස ඇසුවේ ය. "අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තු එනවයි කියන්නේ මේ ආණ්ඩුවේ අවසානය ඒක තමයි’’ජේ ආර් ජයවර්ධන කීවේය.ජේ.ආර්.ගේ මේ එකවර තේරුම් ගත නොහැකි බැරෑරුම් පිළිතුරෙන් නිහඬ වූ රණසිංහ පේ‍්‍රමදාස ආ පයින්ම ආපසු යන්න ගියේ ය.
කලාවැව අතුරු මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ද සිය තීන්දුව සම්මත කර ගැනීමට උපායශීලි වූ ජේ ආර් ජයවර්ධන ඊට දින කීපයකට පසු විදේශගත වූයේ පක්‍ෂයේ තීරණය ගැන පුවත්පත් නිවේදනයක් ද සකස් කිරීමෙන් පසුවය.
සිය නායකයා වූ ජේ.ආර්. ගේ මෙම උපාය ගැන රණසිංහ පේ‍්‍රමදාස මෙන්ම එවක එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල නායකයන් කීප දෙනෙක්ම අප‍්‍රසාදයෙන් කතා කරන්නට වූහ. ඒ අතර පෙරමුණ ගත්තේ රුක්මන් සේනානායක ය. ඒ.එම්.එස්. අධිකාරි කලාවැවෙන් අතුරු මැතිවරණයට කෙසේ හෝ ඉදිරිපත් කළ යුතු බව රණසිහ පේ‍්‍රමදාසගේත්, රුක්මන් සෙනනයකගේත් එකම අභිප‍්‍රාය විය.
‘‘ඒවා හරි යන්නේ නැහැ. අනුර බණ්ඩාරනායක ආවත් නැතත්, අපි කලාවැවට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න ඕනෑ’’ ජේ.ආර්. ගේ මතයට විරුද්ධ එක්සත් ජාතික පක්ෂ නායකයෝ තීන්දු කළහ.විපක්‍ෂය පැත්තෙන් අනුර බණ්ඩාරනායක ගැන එසේ හඬ නැගෙද්දී, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කලාවැවට ඉදිරිපත් කිරීම ගැන එම පක්ෂයේ ද පිල් බෙදීමක් විය.
අභාව ප‍්‍රාප්ත වූ කලාවැව හිටපු ආර් බී මන්තී‍්‍ර රත්නමලලගේ පුත‍්‍රයා වූ ඞී.බී. රත්නමලලට අපේක්‍ෂකත්වය දිය යුතු බව මෛතී‍්‍රපාල සේනානායක ප‍්‍රමුඛ ශී‍්‍ර.ල.නි.ප. නාම යෝජනා කමිටුව තීන්දු කළේ ය. සිය පුත‍්‍රයාට නාම යෝජනා ලබාදීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කැමැත්තෙන් සිටිය ද පක්‍ෂයේ තීන්දුවට හිස නැමීමට ඇයට සිදුවිය.
‘‘ඔව් ඉතිං මෛතී‍්‍රලා කියනවා නම් එයාට නොමිනේෂන් දෙන්න. මගේ කිසි විරුද්ධත්වයක් නැහැ’’ මේ ප‍්‍රශ්නය සම්බන්ධව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිය මතය පළ කරමින් අවසානයේ දී කියා සිටියා ය.
ඒ අනුව ශී‍්‍ර.ල.නි.ප. අපේක්ෂකයා ලෙස ඞී.බී. රත්නමලල තෝරා ගත්තේ ය. අනුර බණ්ඩාරනායකට ශී‍්‍ර.ල.නි.ප.යෙන් අපේක්‍ෂකත්වය නොලැබුණු බව එතෙර සිටි ජේ.ආර්.ට ආරංචි විය. ඔහු වහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඇමතුවේ ය. කලාවැවට ඉදිරිපත් කිරීමට සුදුස්සෙකු වහාම තෝරා පත් කර ගන්නැ’යි දැන්වීය. ඒ අනුව රණසිංහ පේ‍්‍රමදාස, රුක්මන් සේනානායක ඇතුළු පක්‍ෂයේ කි‍්‍රයාකාරී නායකයන් ඒකරාශි වී ඒ.එම්.එස්. අධිකාරි එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා ලෙස කලාවැවට ඉදිරිපත් කිරීමට තීන්දු කළහ.
කලාවැව අතුරු මැතිවරණය පැවැත්විය. සමගි පෙරමුණු රජයේ අපේක්‍ෂකයා පරදා විපක්‍ෂ එ.ජා.ප. යේ අපේක්‍ෂකයා ජය ලැබීය. එ.ජා.ප අපේක්‍ෂක ඒ.එම්.එස්. අධිකාරි ඡන්ද 13799ක් ලබා ගත්තේ ය. සමගි පෙරමුණේ හිටපු මන්තී‍්‍ර පුත‍්‍ර ඞී.බී. රත්නමලලට ලබාගත හැකි වූයේ ඡන්ද 10942කි. ඒ අනුව ඒ .එස් .එම් .අධිකාරි කලාවැව මන්තී‍්‍ර ලෙස පත් විය.
මෙම ප‍්‍රතිඵලයෙන් පසු කෝපයට පත් අනුර බණ්ඩාරනායක මෛතී‍්‍රපාල සේනානායක ඇතුළු ප‍්‍රබලයන්ට දොස් නඟා තිබූ අතර සිය තීන්දුවට අභියෝග කළ රුක්මන් සේනානායක ඇතුළු පිරිසකට විනයානුකූලව කටයුතු කිරීමට ජේ.ආර්. කි‍්‍රයා කළේ ය.

