අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජේ ආර්ගේ මුණුබුරාත් සජබයට එක් වෙයි

ජේ ආර්ගේ මුණුබුරාත් සජබයට එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වෙමින් රටේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික පෙරළියක් සිදු කළ කෘතහස්ථ දේශපාලන නායකයෙකු ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක…

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වෙමින් රටේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික පෙරළියක් සිදු කළ කෘතහස්ථ දේශපාලන නායකයෙකු ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් විය.

ප්‍රදීප් ජයවර්ධන මහතා සමගි ජන බලවේගය සමග එක්වීමෙන් අනතුරුව ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකයා ලෙස පත් කිරීමට එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගනු ලැබීය. 

ප්‍රදීප් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කලක් කටයුතු කර ඇත.

එසේම 2015 දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසී  ප්‍රදීප් ජයවර්ධන මහතා 2017 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න