අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජෙරම් ප‍්‍රනාන්දුට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්

ජෙරම් ප‍්‍රනාන්දුට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්

බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළු වන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…

බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළු වන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ඔහු රටින් පිටව ගොස් සිටියදී විදෙස් ගමන් තහනම් වාරණ නියෝගයක් නිකුත් කර ඇතත් එම වාරණ නියෝගය ලැබුණු පසු රටින් පිට වීම සේම රටට ඇතුළුවීමද තහනම් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව මෙරට ඇතුළු වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගන්නා බවත් නිහාල් තල්දුව මහතා කියා සිටියි. යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ සිටිය හොත් එම තත්ත්වයට අදාළව ජාත්‍යන්තර නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා තව දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජෙරම් ප‍්‍රනාන්දුට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් | Lanka Newsweek