අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජීවිත බේරගන්න හදිසි නොවී හදිසි නීතිය වෙනුවෙන් හදිසි වුණ ආණ්ඩුවක්..!

ජීවිත බේරගන්න හදිසි නොවී හදිසි නීතිය වෙනුවෙන් හදිසි වුණ ආණ්ඩුවක්..!

(හේමන්ත තුසිත කුමාර) මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යාවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…


(හේමන්ත තුසිත කුමාර)

මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යාවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  සඳුදා(06) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර තවදුරටත්  අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

බඩුමිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැත. ඒ වෙනුවට 2003 අංක 9, දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ වෙනුවෙන් තිබෙන වා. එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසනවා.  ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවෙයි.

කොවිඩ් වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට  2005, අංක 13 දරන ව්‍යසන කළමනාකරණ  පනත අනුව බලතල හිමි වෙනවා. එහෙත් ආපදා කළමනාකරණ ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නැහැ.හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධයි. එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න