අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජීවිතය රැකගන්නා -අංශක 360- අවධානය

ජීවිතය රැකගන්නා -අංශක 360- අවධානය

පියයුරු පිළිකා කල්තියා හඳුනාගනිමු! ලොව පුරා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. නවතම දත්ත වාර්තාවලට අනුව, වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් මිලියන 2.3කට වඩා වැඩි පිරිසක්…

පියයුරු පිළිකා කල්තියා හඳුනාගනිමු!

ලොව පුරා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. නවතම දත්ත වාර්තාවලට අනුව, වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් මිලියන 2.3කට වඩා වැඩි පිරිසක් පියයුරු පිළිකා රෝගීන් ලෙස අලුතින් හඳුනාගැනෙන අතර, ඉන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් මියයති.

ශ්‍රී ලංකාවේද තත්ත්වය මෙයට නොදෙවැනි වේ. මෙරට කාන්තාවන් අතර බහුලතම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. ජාතික පිළිකා මර්දන ඒකකයේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක පමණ සංඛ්‍යාවක් අලුතින් වාර්තා වේ. නිසි කලට හඳුනා නොගැනීම නිසා වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මෙරටදී ජීවිතක්ෂයට පත්වීම කණගාටුදායක තත්ත්වයකි.

ජීවිතය බේරාගන්නා "අංශක 360" ස්වයං පරීක්ෂාව

දැන්වීම

බොහෝ පියයුරු පිළිකා සුව කළ හැකි මට්ටමින් හඳුනාගත හැකි ප්‍රධානතම ක්‍රමයක් වන්නේ නිවැරදි "ස්වයං පරීක්ෂාව" මගිනි. රෝග ලක්ෂණ මතුවන තෙක් නොසිට, මසකට වරක් ඔබම සිදුකරන මෙම පරීක්ෂාව මගින් ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කළ හැකිය.

ස්වයං පරීක්ෂාව යනු කුමක්ද?

පියයුරේ සෑම සෙන්ටිමීටරයක්ම ආවරණය වන පරිදි, අතැඟිලි භාවිතා කර රවුමක ආකාරයෙන් (අංශක 360 පුරා) පිරික්සීමයි. පියයුරේ උඩ කොටසේ සිට පහළටත්, තනපුඩුවේ සිට පිටතටත්, විශේෂයෙන්ම කිහිල්ල ප්‍රදේශය දක්වාත් කිසිදු කොටසක් මග නොහැරෙන සේ සම්පූර්ණ වටයමපරීක්ෂා කළ යුතුය.

විමසිලිමත් විය යුතු දේ :

පියයුරේ හෝ කිහිල්ලේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි හෝ තද ගතිය.

සමේ වර්ණය වෙනස් වීම හෝ දොඩම් ලෙල්ලක ස්වභාවය ගැනීම.

තනපුඩුව ඇතුළට ගිලීම හෝ ඉන් අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම.

මතක තබා ගන්න

පියයුරු පිළිකාවක් කල්තියා හඳුනාගතහොත් එය 100% ක්ම සුව කළ හැකිය. වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් මෙම අංශක 360 ස්වයං පරීක්ෂාව සිදුකිරීමට හුරුවීම තුළින් තමන්ගේත්, තම පවුලේත් සතුට සුරක්ෂිත කරගත හැකිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න