ජීවිතයේ මුල් වරට ජනතාවට රනිල් ගැන කලගුණ සිහිවීම..?

දිනුවේ රනිල් නොව ප්‍රජාතන්ත්‍රවාදයයි.! මුට්ටිය දමා බැලීමේ දී මුට්ටිය කුඩුවීම..? සීයාගේ ICU මෙහෙයුම..? කඩුව ගත් මදුරු යූටියුබයා ආණ්ඩුව කීතු වලට ඉරා දැමීම..! සජිත් මහින්ද නාමල් මෛත්‍රීගේ කැපවීම හා…
දිනුවේ රනිල් නොව ප්‍රජාතන්ත්‍රවාදයයි.!
මුට්ටිය දමා බැලීමේ දී මුට්ටිය කුඩුවීම..?
සීයාගේ ICU මෙහෙයුම..?
කඩුව ගත් මදුරු යූටියුබයා ආණ්ඩුව කීතු වලට ඉරා දැමීම..!
සජිත් මහින්ද නාමල් මෛත්‍රීගේ කැපවීම හා එකමුතුව
(අශෝක ජයතුංග)
පොදු දේපළ පනත යටතේ නඩුවක් ගොනුවූ විට ඇප ලැබීම අසීරුය.ඇතැම් විට මහාධිකරණය දක්වා යාමට ද සිදුවේ. රනිල් ගේ කරට වැටුණේ ද එවැන්නකි. මුල් දිනයේම ඇප ලැබෙතැයි අපේක්ෂා කල ද එය ව්‍යර්ථව රනිල් රිමාන්ඩ් විය.
සැබෑ ජවනිකාව පටන් ගත්තේ එතනදීය. රනිල් ඇතුලට දැම්මේ මුට්ටිය දමා බැලීමට විය හැක. මහින්ද සජිත් නාමල් ට ගේම දීම ඊලග අරමුණු බව අනුමාන කල හැකිය. රනිල් රටට කෙතරම් විශාල වැඩ කොටසක් ඉටුකල ද ජනප්‍රිය චරිතයක් නොවීය. ඡන්ද වලදී හැමදාම කුජිත වන්නේ එහෙයිනි. එහෙත් රනිල් කවුදැයි රටට දැනුනේ දහදියෙන් නෑවුන ඔහු මාංචු දමා බස් රථයේ පටවාගෙන ගිය විටය.
රනිල් යනු පාන් වාටි කාලා කැලේට ශරීර කෘත්‍ය කරලා මඩ වලකින් හෝදාගෙන හිටි සමාජ වෛරයෙන් පෙලුණු පංතියේ මිනිසෙකු නොවන නිසා ඔහුට ජීවිතයේ මුල් වරට වේදනාව දැනුනේ එදාය. ගත නැහැවෙන දහදිය දැම්මේ හා සසල වූ මානසිකත්වයක් ඇතිවූයේ එදාය. හෘද කම්පනය විජලනය ෂුගර් පෙෂර් නැග්ගේ එහෙයිනි. බිරිද මෛත්‍රී ගේ වේදනාකාරී රෝගය ගැන රටට මුල් වරට එළිවූයේ ද එවැනි පසුබමකය.
දැන්වීම
බුකිය ද කැළඹින. රනිල් සදා ඇලජික් වූ අයටත් සානුකම්පිත මනසක් හැදුනේ ඔහු 2022 දී රට ගලවාගත් හැටි සිහිවීමෙනි.පැය 12 ක් විදුලිය නැති තෙල් ගෑස් වලට දින ගණන් පෝළිම් වල සිටි ඖෂධ නැතුව මරණය සමග සටන් වැදි හා පොහොර නැතුව වගා බිම් පාලුවූ හැටි හා රනිල් ඒවා ඉක්මනින් සැපයූ හැටි කලගුණ දත් මිනිසුන්ට මතක් විය.උද්ධමනය 80% සිට 05% ටත් සංචිත ඩො මිලි 20 සිට 6000 ටත් නංවා රු 10,000 ක පඩි වැඩි කොට අස්වැසුම අලුතන් ලක්ෂ 07 කට දී මුදල දෙගුණ කළේ ද රනිලාය යන්න මිනිසුන්ගේ මතකයට ආවෝය.
භේදයෙන් තොරව රනිල්ට කවි ගී ලියවුණේ එහෙමය.කපටි නරියා මෙවර ගුලිය ඇඔරුවේ ICU එකේ ඉදලාය. සීසීකඩ ගිය විපක්ෂය එකතු වුහ. නීතීඥන් 700 ක් නඩුවට ආවෝය. රටේ දසතින් පැමිණි මහා ජනගගක් උසාවි භූමිය ආක්‍රමණය කළෝය.
ආණ්ඩුවට සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට පවා නොහැකිව ව්‍යාකූල විය.ආණ්ඩුවට එරෙහිව එන සෙනග බේරේ නාවන්නට කයිවාරු ගැසූ එකෙක් බුකියෙන් ද අතුරුදන්ව සිටියෝය.කඩුව ගත් මදුරුවා ලෙස රගපාමින් ආණ්ඩුවේ බෙල්ල දෙබෑ කොට කිතු වලට ඉරා දැමූ යූටියුබ්කරුවා නීතියේ රැහැනට කොටුවන දිනය අත ලගය. ඔහුගේ ආරක්ෂාව ඉවත් කර තිබෙන බව කියවේ. රජවරු ආශ්‍රය කිරීම කලාවකි. එය හැමෝටම කරන්නට බැරි බව මා දන්නේ ඊට අදාළ බොහෝ නිරීක්ෂණ අප සතු බැවිනි.
ලබා ගත් ගැම්ම ගේම් හරහා විනාශ නොකොට ජනතාව වෙනුවෙන් යෙදවීම දැන් රනිල් ගේ වගකීමය.මන්ද සජිත් මහින්ද මෛත්‍රී නාමල් ඇතුළු සියලු දෙනා තම දේශපාලන යුතුකම රනිල්, රට හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉටුකොට සිය කැපවීම පෙන්වා හමාරය. ඒ තුළ ආණ්ඩුව ද සිය උපාය මාර්ග නැවත සලකා බැලීම වැදගත්වේ.