ජී.එල් ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සමග සන්ධාන ගත වෙයි

ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම අරමුණයි මහා මැතිවරණයත් ප්‍රධාන ඉලක්කයක් සමගි ජන සන්ධානය තවත් පුළුල් වෙයි නිදහස ජනතා සභාව දෙදරයි ඩලස් අලහප්පෙරුම තනි වෙයි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක…
ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම අරමුණයි
මහා මැතිවරණයත් ප්‍රධාන ඉලක්කයක්
සමගි ජන සන්ධානය තවත් පුළුල් වෙයි
නිදහස ජනතා සභාව දෙදරයි
ඩලස් අලහප්පෙරුම තනි වෙයි
ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද, මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ද ජයග්‍රහණය තහවුරු කරමින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වූහ.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රධාන මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනා මෙසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වූයේ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගෙන ගොඩනගමින් සිටින විපක්ෂයේ ආණ්ඩු විරෝධී පුළුල්තම දේශපාලන සන්ධානයේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් සිනිටුහන් කරමිනි.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ දී සිකුරාදා (05) පෙරවරුවේ සුභ මොහොතින් අත්සන් තැබූහ.
දැන්වීම
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සමග මෙම සමගි සන්ධානයට අත්සන් තැබුවේ ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රධාන මන්ත්‍රීවරුන් මෙසේ අවබෝධතා ගිවිසුමකට එළැඹුණේ ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් පමණක් නොව ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් සහ ඉදිරියේදී රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මාස ගණනාවක් මුළුල්ලේ කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාවයකට අනුවය.
මේ ආකාරයට ඉදිරියේදීත් විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, බලවේග සහ පුද්ගලයින් සමග සන්ධාන ගත වෙමින් සමගි ජන සන්ධානය තව තවත් පුළුල් කරන බව සමගි ජන බලවේගය පවසයි.