අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජැක්ලීන්ගෙන් ඉන්දීය පොලිසිය පැය 5ක් ප්‍රශ්ණ කරයි..!

ජැක්ලීන්ගෙන් ඉන්දීය පොලිසිය පැය 5ක් ප්‍රශ්ණ කරයි..!

(හේමන්ත තුසිත කුමාර) ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ගෙන් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව සාක්ෂි සටහන්…

(හේමන්ත තුසිත කුමාර)

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ගෙන් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව සාක්ෂි සටහන් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.  

ඇය ගෙන් පැය 5ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගත් බව ඉන්දීය පරීක්ෂණ නිලධාරීන් පැවසීය.ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීම සිදුකර ඇත.

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් ප්‍රශ්ණ කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කර තිබේ.
ඉන්දීය රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සුරේෂ් චන්ද්‍රසේඛර් සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජැක්ලීන්ගෙන් ඉන්දීය පොලිසිය පැය 5ක් ප්‍රශ්ණ කරයි..! | Lanka Newsweek