අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජා ඇල දි පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ..!

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ජාඇල දකුණු නිවන්දගම ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය ප්‍රකාශ කලේ පොලිස් සැරයන්වරයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග…

ජාඇල දකුණු නිවන්දගම ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේදී  තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය ප්‍රකාශ කලේ පොලිස් සැරයන්වරයා  සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රි නිවසට පැමිණි සැකකරු  විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජාඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචි  නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කළ  49 හැවිරිදි  පොලිස් සැරයන්වරයෙකි.

මේ වන විට සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජා ඇල දි පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ..! | Lanka Newsweek