ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්ට සාධාරණය ඉටු කරනු - විපක්ෂ නායක පෙන්වාදෙයි

ජාති - ආගම් භේද එක්ක රටක් දුවනු බැහැ ආගම්, ජාතීන්, ජන කොට්ඨාස, කුලවර්ග කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීමට තමා විරුද්ධ බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ ජාති ආගම් හෝ වෙනත් කරුණු කාරණා මත ජන කොට්ඨාසවල ගැටලුවලට…
ජාති - ආගම් භේද එක්ක රටක් දුවනු බැහැ
ආගම්, ජාතීන්, ජන කොට්ඨාස, කුලවර්ග කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීමට තමා විරුද්ධ බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ ජාති ආගම් හෝ වෙනත් කරුණු කාරණා මත ජන කොට්ඨාසවල ගැටලුවලට නිවැරදි විසඳුම් අපක්ෂපාතී විසඳුම් ජාතිවාදය ආගම්වාදය ක්‍රියාත්මක නොවන වාතාවරණය නිර්මාණය කළ හොත් මේ ජාතිවාදී ආගම්වාදී ගැටලු ඇති නොවන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතිවාදය රට පුරා වැඩි වූ බවත් එදා වෙනත් ජන කොට්ඨාසවල අයිතිය වෙනුවෙන් නැගී සිටියේ කවුද කියා ජනතාව දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා ජාතිවාදය ක්‍රියාත්මක කළේ ප්‍රධානතම දේශපාලන ප්‍රවාහයක් බවත් ඉන්දියාවේ විවිධ ජන කොට්ඨාස අනුව දේශපාලන පක්ෂ නිර්මාණය වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විසදුම් නිර්මාණය නොවූ නිසා බවත් ජාතිය ආගම කුලය තරාතිරම කේන්ද්‍ර කර ගෙන දේශපාලන පක්ෂ අවශ්‍ය නොවුවත් මේ ජන කොට්ඨාසවල ගැටලුවලට විසදුම් ලැබිය යුතු බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට විසදුම් ලැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.