අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ නව නීති සම්පාදනය කිරීමෙන් පමණයි-අනුර කුමාර-

ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ නව නීති සම්පාදනය කිරීමෙන් පමණයි-අනුර කුමාර-

නව නීති සම්පාදනය කර අන්තවාදය පරාජය කරන බවත්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීම මගින් පමණක් බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට…

නව නීති සම්පාදනය කර අන්තවාදය පරාජය කරන බවත්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීම මගින් පමණක් බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ අන්තවාදීන්ගෙන් සහාය ලබාගන්නා සජිත් ප්‍රේමදාස මහතාට කිසිවිටෙකත් ජාතිවාදය පරාජය කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

දැන්වීම

“කිසිඳු අන්තවාදියෙකුගේ කරේ නොනැග ජනතාව ළඟට යා හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. සජිත් උතුරට යන්නේ සම්බන්ධන් මහත්මයාගේ කරට අතදාගෙන. එහෙම නැතිව ඒ අයට එහෙට යන්න බැහැ.

කවර වර්ගයක හෝ අන්තවාදයක සරණ යන්න අද මේ පක්ෂ දෙකටම සිදුවෙලා. අද ලංකාවේ අන්තවාදයක සරණ නොයන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.

අපි නැගෙනහිරට ගියා. කාන්තන්කුඩිය අපිට තහනම් ප්‍රදේශයක් කියලා අන්තවාදී දේශපාලනඥයෝ අපිට තර්ජනය කළා. අපි දෙපාරක්ම එහෙ ගියා. අපි සාර්ථකම රැස්වීම පැවැත්වූයෙ කාන්තන්කුඩිවල.

කල්මුණේ, අක්කරපත්තුව, කින්නියා, මුතූර්, ඔට්ටමාවදි, මඩකලපුව ආදී ප්‍රදේශ ගණනාවක අපි ගිහිල්ලා ජනතාවට ආමන්ත්‍රණය කළේ කිසිදු අන්තවාදියෙකුගේ, ජාතිවාදියෙකුගේ කරේ නැගලා නොවයි.

ඒනිසා අද රටේ උතුරේ දෙමළ ජනතාවටද, නැගෙනහිර මුස්ලිම් ජනතාවටද, කඳුකරයේ වතුවල ජිවත්වන ජනතාවටද, දකුණේ සිංහල ජනතාවටද එකම වහලක් හැටියට නිර්මාණය වී තිබෙන බලවේගය ජාතික ජන බලවේගය පමණයි.

සියලු දෙනා එක කොඩියක්, එක වහළක් යටට ගේන්න පුළුවන් නම්, ඉන් කියැවෙන්නේ රටේ අන්තවාදය මුළුමනින්ම පරාජය බවයි.

අපි මේ මැතිවරණ ව්‍යපාරය තුළම අන්තවාදයට එරෙහිව දේශපාලන ජයග්‍රහණයක් මේ වන විට අත්පත්කරගෙන හමාරයි. අන්තවාදය පරාජය කරන අයට පමණයි අපේ රටේ මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කරන්න පුළුවන්.“

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ නව නීති සම්පාදනය කිරීමෙන් පමණයි-අනුර කුමාර- | Lanka Newsweek