අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික සංහිදියාවට ප‍්‍රතිඵල රාමුවක්සහ ඇගයුම් ක‍්‍රමයක්

ජාතික සංහිදියාවට ප‍්‍රතිඵල රාමුවක්සහ ඇගයුම් ක‍්‍රමයක්

ජාතික ඒකාබද්ධතාව සහ ප‍්‍රතිසන්ධානය වර්ධනය කිරීම සදහා නව ප්‍රතිඵල රාමුවක් සහ ඇගයුම් ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ…

ජාතික ඒකාබද්ධතාව සහ ප‍්‍රතිසන්ධානය වර්ධනය කිරීම සදහා නව ප්‍රතිඵල රාමුවක් සහ ඇගයුම් ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු යොදා තිබේ.මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ජාතික ඒකාබද්ධතාව සහ ප‍්‍රතිසන්ධානය වර්ධනය කිරීම සදහා වූ එක් අවශ්‍යතාවක් ලෙස ප‍්‍රතිසන්ධාන ප‍්‍රතිඵල රාමුවක්  සහ ඇගයුම්පත්   ක‍්‍රමයක් ඇති කිරීම සදහා වූ ජාතික වැඩමුළුවක් ඉරිදා ( 26) මාතලේ දිස්ත්‍රික්කයේ  හබරණ ප‍්‍රදේශයේ දී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ ශී‍්‍ර ලංකාවේ ජාතික සංහිදියාව සදහා වූ ක‍්‍රියාමාර්ගයන්හි ප‍්‍රගතිය හදුනාගැනීම සදහා නව කළමනාකරණ ක‍්‍රමවේදයක් වන ප‍්‍රධාන කාර්යසාධක දර්ශකයක් සමග ප‍්‍රතිසන්ධාන ප‍්‍රතිඵල රාමුවක් හදුන්වාදීමයි.

මෙම වැඩමුළුව ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යංශයත් ශී‍්‍ර ලංකා ඇගයුම් සංගමයත්  එක්ව සංවිධානය කර තිබුණු අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන  සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඒ  සදහා මූල්‍ය සහයෝගිතාව දක්වා තිබිණි.

දැන්වීම

මෙම තෙදින වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ත මහතා සහභාගී වූ අතර එහි දී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ මෙවැනි ප‍්‍රතිසන්ධාන ප‍්‍රතිඵල රාමුවක අභිප‍්‍රාය වනුයේ හුදෙක් ඇගයුම් ලකුණු කිරීම හෝ කාර්ය සාධනය මැනීම පමණක් නොව ජාතික සංහිදියාව සදහා කරන මැදිහත්වීම් සැළසුම් කිරීමේ දී සහ කළමනාකරණය කිරීමේ දී ඒවායේ දිශාවද  සකස් කිරීම වන බවය.

මෙවැනි ප‍්‍රතිඵල රාමු ආකෘති භාවිතයේ සාර්ථක උදාහරණ ලෙස මැලේසියානු රජයේ කාර්යසාධන කළමනාකරණය සහ බෙදාහැරීමේ ඒකකය සහ ටෝනි බ්ලෙයාර් විසින් මහා බ්‍රිතාන්‍යයේ කි‍්‍රයාත්මක කළ ක‍්‍රමයන් හදුන්වාදිය හැකිය.

මෙම ශී‍්‍ර ලංකා ආකෘතිය දේශීයව ගොඩනැගුණු  ආකෘතියක් වන අතර දකුණු අප‍්‍රිකාව,  ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව, උතුරු අයර්ලන්තය සහ රුවන්ඩාව වැනි රටවල තිබු ආකෘතීන්හි සාර්ථක ලක්‍ෂණ ඒ සදහා උපයෝගී කරගෙන ඇත.

 චරිත රත්වත්ත මහතා තවදුරටත් පෙන්වා දෙන ලද්දේ මෙලෙස සාමය සහ සංහිදියාව පිළිබදව වූ ප‍්‍රතිඵල ප‍්‍රමාණාත්මකව ගණනය කිරීම පහසු නොවන බවත් ඒ සදහා වායු පීඩනය මැනීමට වායු පීඩනමාන භාවිතා කරන්නා සේ සංහිදියා පීඩනමානයක් මගින් මහජන මත විමසුම් තුළින් ඔවුන්ගේ හැගීම් ද සමීක්‍ෂණය කළ යුතු බවයි.

මෙම වැඩමු`ඵව සදහා සිවිල් සංවිධාන සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියකගේ නියෝජීතයන් සහභාගි වූ අතර ජාතික සංහිදියාව සදහා දැනට ක‍්‍රියාත්මක සැළසුම් සහ නිර්දේශිත වැඩි දියුණු කිරීම් ආදිය පිළිබදවද සාකච්ඡා කෙරුණි. ආරම්භයක් වශයෙන් සංවර්ධන ප‍්‍රතිඵල කළමනාකරණ ක‍්‍රියාවලියෙහි  එක් අංගයක් ලෙස ප‍්‍රතිඵල රාමුව සහ ඇගයුම්පත් ක‍්‍රමය ආයතනිකගත කිරීමට මෙහි දී නිර්දේශ ඉදිරිපත් විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජාතික සංහිදියාවට ප‍්‍රතිඵල රාමුවක්සහ ඇගයුම් ක‍්‍රමයක් | Lanka Newsweek