අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුත්තේ රනිල් විතරයි

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුත්තේ රනිල් විතරයි

එජාප ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කරති-ලිඛිතව දැනුම් දෙති සිය ස්ථාවරය පසුව දැනුම් දීමට රනිල් එකඟ වෙයි එජාප පිං මන්ත්‍රීකමත් රනිල්ගේ පිනටම කැර කෙන ලකුණු (සුජිත් මංගල ද සිල්වා) මහා මැතිවරණ ප්‍රතිඵල මත එක්සත්…

එජාප ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කරති-ලිඛිතව දැනුම් දෙති 

සිය ස්ථාවරය පසුව දැනුම් දීමට රනිල් එකඟ වෙයි

එජාප පිං මන්ත්‍රීකමත් රනිල්ගේ පිනටම කැර කෙන ලකුණු 

(සුජිත් මංගල ද සිල්වා) 

මහා මැතිවරණ ප්‍රතිඵල මත එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පර්ලිර්ලිමේන්තු යා යුත්තේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ අවධාරණය කර සිටිති.

අවුරුදු ගණනාවක දේශපාලන පළපුරුද්ද, අත්දැකීම්, ජාත්‍යන්තර සබඳතා, දැනුම, උගත්කම පමණක් නොව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, නීතිරීති සහ සම්ප්‍රදාය සේම විශේෂයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ප්‍රජාතාන්ත්‍රිකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙසම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර යුතු බව ඔවුහූ පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන, පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ, අනෝමා ගමගේ, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, අර්ජුන රණතුංග, රවී කරුණානායක, ආනන්ද කුලරත්න, පාලිත තෙවරප්පෙරුම, චම්පිකා ප්‍රේමදාස, කේ. කේ. පියදාස, ජෝන් අමරතුංග සහ වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සඳුදා (23) මෙම ඉල්ලීම කර ඇති අතර ඊට අදාළව සියලු දෙනාගේ අත්සනින් යුතුව ඔහු වෙත විශේෂ ලිඛිත ඉල්ලීමක් ද භාර දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ එම විශේෂ ලිඛිත ඉල්ලීම භාර ගත් රනිල් වික්‍රමසිංහ මහතා, එම කාරණයට අදාළව සිය ස්ථාවරය පසුව දැනුම් දෙන බව එම ජ්‍යෙෂ්ඨයින් හමුවේ වැඩි දුරටත් කියා තිබේ.     

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුත්තේ රනිල් විතරයි | Lanka Newsweek