අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු

ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු

ශනි අබේසේකරගේ පෙත්සම බරපතළයි අදිසි හස්තයකින් රටට බරපතළ තර්ජනයක් රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති…

ශනි අබේසේකරගේ පෙත්සම බරපතළයි 

අදිසි හස්තයකින් රටට බරපතළ තර්ජනයක්  

ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු

රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති බැවින් වහාම එකී කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි  නීතිපතිවරයා සහ  පොලිස්පතිවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මගින්, 2019.04.21 පාස්කු ඉරු දින එල්ල කරන් ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව නිසි පරිදි පරීක්ෂණ සිදු කිරීමට අසමත්වීම යන චෝදනාව යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරමින් කරුණු දක්වා තිබේ. 
 
එම පෙත්සම මගින් ශානි අබේසේකර මහතා දක්වා ඇති කරුණු අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ ඝාතකයින් සොයා ගැනීමේ පරීක්ෂණ නොමඟ යැවීම හෝ සැබෑ ඝාතකයින් අනාවරණය වීම වැළැක්වීම උදෙසා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන බරපතළ සැකයක් ඇති වේ. 
 
මේ පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සියලු වග කිව යුතු අංශ විසින් සැලකිය යුතු බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මේ පිළිබඳව බරපතළ  ලෙස සලකා කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව ජනතාවට හෙළි කළ යුතුය. 
 
රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති බැවින් වහාම එකී කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන මෙන් මහ ජන බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන් වන නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න