අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික ආණ්ඩුව ස්ථිරයි-අගමැති සටන දිනයි..!

ජාතික ආණ්ඩුව ස්ථිරයි-අගමැති සටන දිනයි..!

සභා නායක පාර්ලිමේන්තු මහා ලේකම්ට ලිඛිතව දැනුම් දෙයි..! කැබිනට්ටුව 48 දක්වා ඉහළට...! නියෝජ්‍ය-රාජ්‍ය ඇමතිකම් 45යි..! (සුජිත් මංගල ද සිල්ව) එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් සමග…

සභා නායක පාර්ලිමේන්තු මහා ලේකම්ට ලිඛිතව දැනුම් දෙයි..!

කැබිනට්ටුව 48 දක්වා ඉහළට...!

නියෝජ්‍ය-රාජ්‍ය ඇමතිකම් 45යි..!

(සුජිත් මංගල ද සිල්ව)

එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සභා නායක,රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩ රට උරුමය සහ මහා නුවර සංවර්ධන අමාත්‍ය අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහා ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එම ජාතික ආණ්ඩුවට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසන්නැයි ද සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (04) වගන්තිය ප්‍රකාරව එම ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48 නොඉක්ම විය යුතු අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 නොඉක්ම විය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ද සභා නායකවරයා පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වමින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාවේ අන්තර් ගත වේ.

මේ අතර මේ නව ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ක අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (31) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ පිළි ගන්න ඕනෑම අයෙකු දේශපාලන පක්ෂ මට්ටමෙන් හෝ ස්වාධීනව එම ආණ්ඩුවට එකතු කර ගැනීමට සුදානම් බවය.

මේ නව ජාතික ආණ්ඩුව ගොඩනගන්නේ කිනම් පාර්ශවයන් සමගද යන්න පිළිබඳව එම ආණ්ඩුව ගොඩනගන අවස්ථාවේදී රටට ජනතවට කරුණු හෙළිදරව් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

ජාතික ආණ්ඩුව ස්ථිරයි-අගමැති සටන දිනයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික ආණ්ඩුව ස්ථිරයි-අගමැති සටන දිනයි..! | Lanka Newsweek