අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!

ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!

බහුතරයක් ජනපතිවරණය වර්ජනය කිරීමට සැරසෙති..! වැඩිම ජනප්‍රසාදය පොහොට්ටුවට..! එජාපයේ ජන පදනම 14%ට බසියි..! ශ්‍රීලනිපය කඩා වැටෙයි-ජවිපෙ ඉදිරියට..! (සුජිත් මංගල ද සිල්වා) සියලු දේශපාලන පක්ෂ එකට එක්ව…

බහුතරයක් ජනපතිවරණය වර්ජනය කිරීමට සැරසෙති..!

වැඩිම ජනප්‍රසාදය පොහොට්ටුවට..!

එජාපයේ ජන පදනම 14%ට බසියි..!

ශ්‍රීලනිපය කඩා වැටෙයි-ජවිපෙ ඉදිරියට..!

                                                          ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

සියලු දේශපාලන පක්ෂ එකට එක්ව පුළුල් සහ සර්ව පාක්ෂික සන්ධානයකින් සියලු පාර්ශවයන්ට පිළිගත හැකි අලුත් චරිතයක් ජාතික අපේක්ෂකයෙකු ලෙස 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්, ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කරමින් ජනාධිපතිවරණයෙන් එම ජාතික අපේක්ෂකයා ජයග්‍රහණය  කර විය හැකි බව ජන මත සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

දැන්වීම

උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම ආවරණය වන පරිදි මේ ජන සමීක්ෂණය සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා තරුණ පෙරමුණ සහ ශ්‍රී  ලංකා හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  සංසදය එකට ඒකාබද්ධවය. ශ්‍රී  ලංකා තරුණ පෙරමුණේ සභාපති රවින්ද්‍ර ප්‍රදීප්  මහතාගේ මෙහෙයවීම මත මේ ජන සමීක්ෂණය සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය සහ එහි නායක අරුණ සොයිසා මහතාගේ උපදෙස් මතය.

මේ ජන සමීක්ෂණයට අනුව ජනතාවගෙන් 28.33%ක් වත්මන් දේශපාලන සංස්කෘතිය, දේශපාලන පක්ෂ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලුම දේශපාලන නායකයින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර එම ජනයා අවධාරණය කර ඇත්තේ අලුත්ම සහ විකල්ප දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බවය.

ස්වාධින සහ තනි දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 21.93%ක් වූ වැඩි ම ජනතා ප්‍රසාදයක් හිමි කර ගනිද්දී, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ, ජනතාවගෙන් 14.15%කි.මේ අතර එක්සත් ජාතික පෙරමුණ ද අභිභවා යමින් දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලුම සුළු දේශපාලන පක්ෂ 14.98% ක ජනතා ප්‍රසාදයක් හිමි කර ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2.33%ක සුළු ජන ප්‍රසාදයක් හිමි වෙද්දී, ජනතාවගෙන් 2.52%ක ප්‍රසාදයක් හිමි කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය අභිභවා ඉදිරියට පැමිණ සිටියි.

ජනතාවගෙන් 9.09%ක් කිසිම දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය පාවිච්චි නොකර, 2020 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය කුරුටු ගා වර්ජනය කිරීමට සුදානමින් සිටිති. කිසිම දේශපාලන මතයක්, ස්ථාවරයක් සහ ආකල්පයක් නොදරන පිරිස ජනතාවගෙන් 3.99%ක් වන බව මේ ජන සමීක්ෂණයෙන් හෙළි වී තිබෙන අතර මධ්‍යස්ථ මතධාරීන්ගේ සංඛ්යාවව 2.68%කි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ද සුළු දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපතිවරණයේදී එකට එක් වී එකම වේදිකාවකට පැමිණියොත් එම කඳවුරේ ජන පදනම 33.98%ක් වන බව ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති රවීන්ද්‍ර ප්‍රදීප් මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් “lankanewsweek” වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එම පාර්ශවයන් එකට එක්ව රටට ජනතාවට පිළිගත හැකි සහ දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන චරිතයක් ජාතික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරි පත් කරන්නේ නම්, එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ හැකියාවක් එම කඳවුරට තිබෙන බවය. එමෙන් ම 2020 ජනාධිපතිවරණයේදී දිනන අපේක්ෂකා සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

                                                                           ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජාතික අපේක්ෂකයාගේ ජය ජන සමීක්ෂණයකින් තහවුරු වෙයි..! | Lanka Newsweek