ජාත්‍යන්තර සමුළු 3ක් ඇමතීමට අගමැති සිංගප්පූරු යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත් වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම වගේම පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය…
(සුජිත් මංගල ද සිල්වා)
සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත් වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම වගේම පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (08) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං (Hon Lee Hsien Loong), නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම් (Hon Tharman Shanmugaratnam), සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් (Hon Goh Chok Tong) යන මහත්වරු ඇතුළු සිංගප්පූරු ආණ්ඩුවේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවනු ඇත.
ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනුයේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.
මෙවර සමුළුවේ තේමාව වන්නේ “නවෝත්පාදන සහ සහයෝගිතාව තුළින් අනාගතයට සුදුසු තිරසාර නගර ඇති කිරීම” වන අතර මනා පරිපාලනය සහ සැලසුම්කරණය, තාක්‍ෂණය සහ සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිඳව මෙහිදී අවධානය යොමු වනු ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාතන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද මේ සංචාරයට එක්වෙති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1