ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි 15% පොළිය නැවත ලබා දෙනු

විපක්ෂ නායක රජයට බල කර සිටියි අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එම පොළී අනුපාතය 8% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
විපක්ෂ නායක රජයට බල කර සිටියි
අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එම පොළී අනුපාතය 8% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී චෝදනා කර සිටියේය.
ජීවිතේ සැදැ කාලය ගත කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට එම පොළි ආදායම නැවත ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොළිය ලබා ගැනීම බැවින් එම විශේෂිත පොළිය නැවත ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට බල කර සිටියේය.