අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවූ 15% පොලිය නැවතත් ලබා දෙනු

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවූ 15% පොලිය නැවතත් ලබා දෙනු

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවත් අසරණ කරන්න එපා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි (අචින්ත මධුර) බ්‍රහස්පතින්දා (20) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක්…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවත් අසරණ කරන්න එපා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි 

(අචින්ත මධුර)

බ්‍රහස්පතින්දා (20) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී රජයේ අවධානය යොමු කරනු ලැබීය.  

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබූවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දුන් 15% පොලිය කපා හැරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවයි.  එමෙන්ම එය නැවැරදි කිරීමට වර්තමාන රජය ක්‍රියා නොකිරීම පුදුම සහගත ක්‍රියාවක් බවද වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහ ජීවිතයක් පවත්වාගැනීමට අවශ්‍ය වටපිටාව සලසා දීම සියලු දෙනාගේ සදාචාරාත්මක වගකීමක් වුවත් පසුගිය කාලයේ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ එකම ආදායම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමේ පැවැති 15%ක පොළිය කප්පාදුවට ලක් කිරීම නිසා තවත් අසරණ තත්ත්වයකට පත්වීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුව ඇති බවත් වත්මන් රජය යටතේ ද මෙම වරද නිවැරදි නොවූ නිසා නැවත වරක් ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනු ලැබීය. මේ පොළී ආදායම අඩු වීම නිසා බොහෝ පිරිසකට වෛද්‍ය පහසුකම්, පෝෂ්‍යදායී ආහාරලබා ගැනීමට නොහැකිව අර්බුධ රැසකට මුහුණ දී ඇති බැවන් මේ අයගේ මූලික ගැටලුවලට විසදුම් දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය ඉතාම ඉක්මනින් යොමු කරන ලෙස මෙහිදී විපක්ෂ නාරකවරයා රජයට බල කරනු ලැබීය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න