අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..!

ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..!

අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකශ කළේ අද (12) බත්තරමුල්ල අපේ ගම…

අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය  සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකශ කළේ අද (12) බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති වන නිලධාරින් 310 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.මෙහිදී ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකශ කර සිටියේ, අගවිනිසුරු වශයෙන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවට නම් කර යැවුයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බවයි. තවද මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අවුරුදු 38යි මාස 11 ක් සේවා කාලයක් හිමි, ප‍්‍රාථමික උසාවියක සිට පියවරෙන් පියවර ඉදිරියට ආ අයෙකු බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මීට පෙර පත්වීම් ලබා දීමේදී මේ කිසිවක් සැලකිල්ලට නොගෙන පත්වීම් ලබා  දී තිබු බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා  තමන්ටත් එසේ කරන්නට තිබු නමුත් පැහැදිලි ප‍්‍රතිපත්තියක් තුළ  තමන් සිටි බවත් සේවාවට ගරු කිරීමක් ලෙසත් අභිමානයක් ඇති වන අයුරිනුත් මෙම පත්වීම කරන්නැයි විනිසුරුවන් තමන් හමුවී ඉල්ලා සිටි බවත් ප‍්‍රකාශ කළේය.

තවද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවන්ගේ පෞද්ගලික, අධ්‍යාපන, සේවා සුදුසුකම්, සියල්ල ගෙන්වා ගෙන සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම කළ බව ද ජනාධිපතිවරයා කීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..! | Lanka Newsweek