ජවිපෙ 20 භාර දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත අද (25) නිල වශයෙන් භාර දුන්නේය. ජනතා විමුක්ති…
(සුජිත් මංගල ද සිල්වා)
විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත අද (25) නිල වශයෙන් භාර දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය මෙසේ කරු ජයසූරිය මහතා වෙත භාර දුන්නේ පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේ භාර දුන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.
මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මීට පෙර බලයට පත් වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා යන හිටපු ජනපතිවරු දෙදෙනා වගේම 2015 ජනවාරි 8 වැනි දා බලයට පත් වු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොරොන්දු වී තිබිණි.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1