ජවිපෙ 20 ගැන ඒකාබද්ධයේ තීරණය අනිද්දා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“මේ යෝජනා ඇත්තටම එන්නේ කොහෙන්ද කියා හොයන්න ඕනෑ” (ජයකාන්ත ලියනගේ) විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව…
“මේ යෝජනා ඇත්තටම එන්නේ කොහෙන්ද කියා හොයන්න ඕනෑ”
(ජයකාන්ත ලියනගේ)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් අනිද්දා (30) ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්ව තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද එහි සැබෑ අවශ්‍යතාවය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බලන බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
“විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙනාවා. සමහර අය මේ ගැන නොයෙක් කතා කියනවා. යෝජනා කිනම් අයෙකුගේ අවශ්‍යතා වෙනුවෙන් කිනම් පැත්තකින් එනවා ද කියල අපි සොයා බලන්න ඕනෑ. මේ වෙලාවේ මේ යෝජනාව ගෙන එන්නේ ඇයි ද කියන එකත් සොයා බලන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අනිද්දා (30) රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සොයා බලනවා. අපි සෑම විටම තීන්දු ගන්නේ රට-ජනතාව ගැන හිතල”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1