අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ හැදුවේ තනියෙන් බුදු වෙන්න

ජවිපෙ හැදුවේ තනියෙන් බුදු වෙන්න

විපක්ෂය භේද වීමට ඒ ක්‍රියාකලාපය හේතු වුණා ආණ්ඩුවයි-විපක්ෂයයි දෙකම රට-ජනතාව ගැන හිතුවේ නැහැ විපක්ෂය හැදුවේ අර්බුදයෙන් ගොඩ යන්න විරුද්ධ පක්ෂ අතර දේශපාලන භේද, අසමගිය සහ තරඟකාරීත්වය උග්‍ර කිරීමට ජනතා…

 විපක්ෂය භේද වීමට ඒ ක්‍රියාකලාපය හේතු වුණා

ආණ්ඩුවයි-විපක්ෂයයි දෙකම රට-ජනතාව ගැන හිතුවේ නැහැ 

විපක්ෂය හැදුවේ අර්බුදයෙන් ගොඩ යන්න 

ජවිපෙ හැදුවේ තනියෙන් බුදු වෙන්න

විරුද්ධ පක්ෂ අතර දේශපාලන භේද, අසමගිය සහ තරඟකාරීත්වය උග්‍ර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාවට නඟන ලද තනියෙන් බුදු වීමේ ප්‍රතිපත්තිය බල පෑවේය යැයි ප්‍රවීන ජනමාධ්‍යවේදී සහ දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙයි.

ප්‍රවීන ජනමාධ්‍යවේදී සහ දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා මේ බව කියා සිටින්නේ, "මහා ජන විප්ලවයේ අවසානය කුමක්ද" යන ශීර්ෂය යටතේ සිය නිල "facebook" පිටුවේ දීර්ඝ සටහනක් තබමින් වන අතර රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයේ දී ආණ්ඩුව, විපක්ෂය සහ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළ ආකාරය ගැන ඔහු සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කර ඇත.

දැන්වීම

"මෙවැනි දැවැන්ත අර්බුදයකදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම අර්බුදය ආණ්ඩුවට තනිව ජය ගත හැකි තරමේ ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගනිමින් විරුද්ධ පක්ෂවලද සහාය ලබා ගෙන මහ ජනයාගේ ද පිළි ගැනීමට හේතු වන අර්බුදය ජය ගැනීමට ඇත්ත හැකියාවක් ඇති ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් හදා ගනිමින් සියලු දෙනාගේ සහාය ඇතිව එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමය. 

එහෙත් ආණ්ඩුවට එවැනි දූරදර්ශී දැක්මක් නොතිබුණි. එහිදී ආණ්ඩුව අනුගමනය කළ දූෂිත, නාස්තිකාර, මෝඩ සහ උද්ධච්ඡ ක්‍රියා කලාපය ආණ්ඩුවේ මහ ජන පදනම උපරිම මට්ටමකට සිඳ බිඳ දැමීමට හේතු විය. මෙවැනි දැවැන්ත අර්බුදයකදී ආණ්ඩුව සිය යුතුකම් සහ වගකීම් ඉටු නොකරන්නේ නම්, අර්බුදය ජය ගැනීම සඳහා වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට ආණ්ඩුව, ජනතාව සහ රට යොමු කිරීමේ වගකීම ඊළඟට කරට ගත යුතුව තිබුණේ විරුද්ධ පක්ෂය විසිනි.

එනමුත් විරුද්ධ පක්ෂ සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක බවට පත් කර ගෙන තිබුණේ රටේ අර්බුදය නොව අර්බුදය මත පදනම් වී හැකි ඉක්මනින් බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. විරුද්ධ පක්ෂ අතර ප්‍රමුඛත්වය සදහා වන තරඟයද ඒ වන විට රළු පරුෂ අශෝභන ස්වරූපයක් ගෙන තිබුණි. විරුද්ධ පක්ෂ අතර භේද උග්‍ර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාවට නඟන ලද තනියෙන් බුදු වීමේ ප්‍රතිපත්තියද බල පෑවේය." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජවිපෙ හැදුවේ තනියෙන් බුදු වෙන්න | Lanka Newsweek