අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ නන්නාඳුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි

ජවිපෙ නන්නාඳුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි

ජවිපෙ සූදානම් වන්නේ 88-89 සෙල්ලමටයි ලාල් කාන්තගේ ප්‍රකාශය අතිශය බරපතළයි-භයානකයි ජනතාව අවධානයෙන් සිටිය යුතුයි ජනතා විමුක්ති පෙර­මුණ නැවතත් නන්නාඳුනන තුවක්කුකරුවන් සමග සන්නද්ධ අරගලයකට යන්න කුමන්ත්‍රණය…

ජවිපෙ සූදානම් වන්නේ 88-89 සෙල්ලමටයි 

ලාල් කාන්තගේ ප්‍රකාශය අතිශය බරපතළයි-භයානකයි 

ජනතාව අවධානයෙන් සිටිය යුතුයි 

ජනතා විමුක්ති පෙර­මුණ නැවතත් නන්නාඳුනන තුවක්කුකරුවන් සමග සන්නද්ධ අරගලයකට යන්න කුමන්ත්‍රණය කරන්නේ දැයි යන සැකය මතු වන බව සමඟි ජන බල­වේ­ගයේ ප්‍රධාන විධා­යක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැ­සීය.

ජනතා විමුක්ති පෙර­මුණේ රජ­යක් යටතේ නීති හදා ගැනීමේ බලය-නීති ක්‍රියාත්මක කිරීමේ බලය සහ යුක්තිය පසිඳලීමේ බලය එම පක්ෂයේ සාමා­ජි­ක­යන්ට ලබා ­දෙන බවට කේ.ඩී ලාල්කාන්ත මහතා එම පක්ෂයේ මැයි රැලියේ දී සිදු ­කළ ප්‍රකාශයෙන් සැකය මතු වන්නේ යැයි පෙන්වා දුන් අජිත් පී පෙරේරා මහතා එම ප්‍රකාශය රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට බර­ප­තළ තර්ජ­න­යක් යැයි ද සඳහන් කළේය.

සමඟි ජන බල­වේ­ගයේ ප්‍රධාන විධා­යක නීතිඥ අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

දැන්වීම

"88-89 කාල වක­වා­නුවේ දී දස දහස් ගණනක් ඝාතනය කළ දේශ­පා­ලය නැවත මතු­ වෙ­මින් තිබෙ­නවා. ජනතා විමුක්ති පෙරමුණට සුළු සාමා­ජි­ක­යන් පිරි­සක් සිටින කාල වක­වා­නුවේ දී ජනතා විමුක්ති පෙර­මුණේ ග්‍රාමීය කමිටු හරහා යුක්ති පසිඳලීම සිදු කළා අපට මත­කයි. ඒ හරහා පුද්ගල ඝාතන රැසක් සිදු වුණා. 

ඔවුන් නඩු අහල පුද්ග­ල­යන්ට දඬු­වම් නියම කළා. සම­හර පිරිස් ඝාත­නය කළා. මයි­කල් රොද්‍රිගෝ පිය­තුමා, මොර­ටුව සරසවියේ උප­ කු­ල­ප­ති­ව­රයා සහ කොළඹ විශ්ව­ වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ස්ටැන්ලි විජේ­සු­න්දර වගේ පුද්ග­ල­යන් ඝාතනය කිරීමට තීරණය කළා. ඔවුන් යුක්තිය පස­ඳ­ලීම කළේ එහෙ­මයි. ජනතා විමුක්ති පෙර­මුණේ ත්‍රස්ත­වාදි ක්‍රියා­දා­ම­යට සහ මත­වා­ද­යට විරුද්ධ පිරිස ඔවුන් ඝාතනය කළා. 

ජනතා විමුක්ති පෙර­මුණේ රජ­යක් යටතේ නීති හදා ගැනීමේ බලය-නීති ක්‍රියාත්මක කිරීමේ බලය සහ යුක්තිය පසිඳලීමේ බලය එම පක්ෂයේ සාමා­ජි­ක­යන්ට ලබා ­දෙන බව කියා සිටින්නේ, එම පෙරමුණේ ඒ ත්‍රස්ත­වාදි ව්‍යාපා­රයේ නාය­ක­යෙක්ව සිටී කේ ඩී ලාල් කාන්තයි. ජනතා විමුක්ති පෙර­මුණේ මැයි රැලියට පැමිණ සිටී ජනතාව දැක ඔහුට සිය සිත අභ්‍යන්තරයේ සැඟව තිබූ අදහස කියැ වුණා.

මේ ප්‍රකාශය ඉතා බරපතළයි. ඒ වගේම අතිශය භයානකයි. ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. නැවත මේ රටේ භීෂණයක් ඇති වීමට ඉඩ තබන්න බැහැ. සමගි ජන බලවේගය මේ අතිශය භයානක සහ බරපතළ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජවිපෙ නන්නාඳුනන තුවක්කුකරුවන් යළි හිස ඔසවයි | Lanka Newsweek