අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ ගමට - නීතිය ක්‍රියාත්මක කරයි..?

ජවිපෙ ගමට - නීතිය ක්‍රියාත්මක කරයි..?

නිවසටම පැමිණ තර්ජනය කරන ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට යලි පන පොවලා..? ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නෑ..! රෝහිණී කවිරත්න පෙන්වා දෙයි මාතලේ…

නිවසටම පැමිණ තර්ජනය කරන ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී 

ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට යලි පන පොවලා..?

‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නෑ..!

රෝහිණී කවිරත්න පෙන්වා දෙයි

මාතලේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න විසින් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් උපුටා දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එමගින් එතුමිය පෙන්වා දෙන්නේ මේ වන විටත් මර්ධනය ගමට ගෙන යාමට ජවිපෙ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙම මර්ධන ක්‍රියාවලිය පරාජය කිරීමට රටේ සියලුම ප්‍රගතිශීලි බලවේග එක්විය යුතු බවද ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

පුවත්පත් නිවේදනය

මාතලේ යටවත්ත අමල් අත්තනායකට ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තර්ජනය කරයි

දැන්වීම

මාතලේ යටවත්ත පදිංචි අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.

මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර  ය. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි.  මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ ඝාතන සිදුකරමින් භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. 

ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය. සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත.  අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.

පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය.  වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.

සමාජ මාධ්‍ය අදහස් දැක්වීමට විරුද්ධව සිදු කරන තර්ජනය ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!

රෝහිණී කවිරත්න

මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න