අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජවිපෙ එක්කත් සන්ධාන ගත වෙන්න පොහොට්ටුව සූදානම්

ජවිපෙ එක්කත් සන්ධාන ගත වෙන්න පොහොට්ටුව සූදානම්

සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ වැඩ පිළිවෙළට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග වුණත් සන්ධාන ගත වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් යැයි එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන…

සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට සහ වැඩ පිළිවෙළට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග වුණත් සන්ධාන ගත වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් යැයි එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙනවා නම් එසේ ගොඩනැගෙන්නේ රට සහ ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් බව ද සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

විපක්ෂය පොදු ජන පෙරමුණට චෝදනා කරමින් සිටිනවා විනා රටට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බව ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන් බව ද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව අවධාරණය කර සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත  අදහස් දක්වමින්ය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජවිපෙ එක්කත් සන්ධාන ගත වෙන්න පොහොට්ටුව සූදානම් | Lanka Newsweek