අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්

ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්

"සර්...සර් කියනවා නම් ජලනි මැඩම් තමයි අපේ නායිකාව කියලා එතුමිය වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්...අපි එතුමිය වෙනුවෙන් දිවි හිමියෙන් ඇපකැප වෙලා වැඩ කරනවා" යැයි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර…


"සර්...සර් කියනවා නම් ජලනි මැඩම් තමයි අපේ නායිකාව කියලා එතුමිය වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්...අපි එතුමිය වෙනුවෙන් දිවි හිමියෙන් ඇපකැප වෙලා වැඩ කරනවා" යැයි සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කියා තිබේ.

"සර්...ජලනි මඩම්ව අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව කළොත් අපි එතුමියව කරේ තියා ගෙන ගිහින් මේ රටේ ජනාධිපති කරනවා" යැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග වැඩි දුරටත් ඇය කියා තිබෙන්නේ, "සර්..ඒක නිසා මේ ගැන සර්ලාගේ පවුලේ අය එක්ක කතා කරලා අපට තීරණයක් කියන්න...ජලනි මැඩම් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගන්න අපි සූදානම්.." යනුවෙනි. 

ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම්
   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජලනි ජනපති කරන්න හිරුණිකා සූදානම් | Lanka Newsweek