අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජය ගමු ශ්‍රී ලංකා බදාදා (31) රජරටින් ඇරඹෙයි

ජය ගමු ශ්‍රී ලංකා බදාදා (31) රජරටින් ඇරඹෙයි

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජය ගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩ සටහනේ සමාරම්භක වැඩ සටහන බදාදා (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ…

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජය ගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩ සටහනේ සමාරම්භක වැඩ සටහන බදාදා (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ දිස්ත්‍රික්කයේ මහ ජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  ආරම්භ වීමට නියමිතය.

මෙම වැඩසහටන බදාදා (31) සහ බ්‍රහස්පතින්දා (01) යන දෙදින පුරා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගලයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සැපයීමට නියමිතය.  මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමටද නියමිතය.

දැන්වීම

මෙරටට යලි පැමිණි විගමනික ශ්‍රමකියන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ විශේෂ මගපෙන්වීමේ වැඩසහනක්ද විගමනික ශ්‍රමකියන්ගේ පවුල් වලට මහ මැෂින් සහ රෝද පුටු ප්‍රධානය කිරීමක්ද ඊට ඇතුලත්ය. තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමේ ස්මාට් යූත් වැඩසටහනද මෙහිදී ආරම්භ වීමට නියමිතය. මේ අතර ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පුවල් වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමක්ද මෙහිදී සිදු කිරීමට නියමිතය. 

මේ අතර යල් පැන ගිය කම්කරු නීති වෙනුවට නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සදහා වන නව රැකී රක්ෂා පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, නීති විරෝධී මිනිස් ජාවාවම් වැලැක්වීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න