ජයසුරියගේ අවතාරය ඉන්දියානු ක්‍රිකට් පිටිය හොල්මන් කරයි..?

(හේමන්ත තුෂිත කුමාර ) බොහෝ ක්‍රිකට් විචාරකයින් සහ ක්‍රිකට් ලෝලීන් පවසන පරිදි සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ශෛලියට බොහෝ සේ සමාන ලෙස පන්දුවට පහර දෙන කුසල් පෙරේරා ඉන්දියාව සමගින් දෙසැම්බර් 10…
(හේමන්ත තුෂිත කුමාර )
බොහෝ ක්‍රිකට් විචාරකයින් සහ ක්‍රිකට් ලෝලීන් පවසන පරිදි සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ශෛලියට බොහෝ සේ සමාන ලෙස පන්දුවට පහර දෙන කුසල් පෙරේරා ඉන්දියාව සමගින් දෙසැම්බර් 10 වැනිදායින් ආරම්භ වන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගීවීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර ඇත. පසුගිය දිනවල අබාධ වලින් පීඩාවට පත්ව සිටි කුසල් තම අබාධ සුවකරගෙන නැවතත් සුපුරුදු ශාරීරික යෝග්‍යතාවයෙන් යුතුව කෙළිබිමට සපැමිණ ඇත. එහෙත් ඔහු පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ වලට සහභාගී වී නොමැත.
එමෙන්ම අබාධයකට ලක්ව සිටි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ද නැවතත් කණ්ඩායමට එක්ව ඇතත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ දිනේෂ් චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත.