ජ’පුර රෝහලේ සභාපතිකමට වලි කන දුෂිත වෛද්‍යවරයා ගැන පොලිස් පරීක්ෂණ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

අගමැතිගේ නම විකුණා සුව ඇමතිට බල කරලා..! වෛද්‍ය සුසිත් සේනාරත්නට ජ’පුරේ අධ්යක්ෂකකමත් අහිමි වන ලකුණු..! පට්ටම රැක ගන්න ඇමතිට-වෛද්‍යවරුන්ට කන්න බොන්න දී ලා..! හැටකට ආරාධනා කළාට ආවේ අටයි..! (උපුල්…
අගමැතිගේ නම විකුණා සුව ඇමතිට බල කරලා..!
වෛද්‍ය සුසිත් සේනාරත්නට ජ’පුරේ අධ්යක්ෂකකමත් අහිමි වන ලකුණු..!
පට්ටම රැක ගන්න ඇමතිට-වෛද්‍යවරුන්ට කන්න බොන්න දී ලා..!
හැටකට ආරාධනා කළාට ආවේ අටයි..!
(උපුල් බණ්ඩාර)
දුෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නිලධාරියෙකු වන සුසිත් සේනාරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කළමණාකරුට මුහුණු පොත ඔස්සේ මර්ණීය තර්ජන එල්ල කිරීම පිළිබදව පරික්ෂණයක් පැවැත්වීමට පොලීසිය සුදානම් වෙයි.
දින 53ක දේශපාලන අර්බුදය පැවැති සමයේ දී මෙම වෛද්‍යවරයා තර්ජන එල්ල කර ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කළමණාකරු සරත් කුමාර පෙරේරා මහතාටය.
මොහු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඥාතියෙකු බව ප්‍රකාශ කරමින් වන නමුත් ඔහුට එවැනි කිසිදු ඥාතීත්වයක් නොමැත.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන මොහු එම රෝහලේ විදුලි සෝපාන සහ වැසිකිලි පද්ධතියක් ඉදිකිරිම වැනි සංවර්ධන ව්‍යාපෘතිවලින් අධික ලෙස මුදල් ගසා කෑ පුද්ගලයෙක් බව වෘත්තීය සමිති පෙන්වා දී ඇත.
මොහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ අධ්යක්ෂ ධූරයෙන් පහ කරන ලෙසවෘත්තීය සමිති අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම මෙතෙක් ඉටු වී නොමැත.
ශ්‍රී ජයවර්ධන පුර මහ රෝහලේ අධ්යක්ෂ ධූරයෙන් ලැබෙන වැටුපෙන් මිලදී ගැනීමට නොහැකි BMW වර්ගයේ සුපිරි මෝටර් රථයක් භාවිත කරන මෙම අධ්යක්ෂවරයා එම මෝටර් රථය මිලදී ගෙන ඇත්තේ සංවර්ධන ව්‍යාපෘතිවලින් ලැබෙන කොමිස් මුදල් වලිනි.
මේ අතර වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වී ඇති ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සභාපති ධූරය සඳහා තමා පත් කරන්න යැයි වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත අනියම් ලෙස බලපෑම් කරමින් සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු බව අඟවමින් යැයි ද වාර්තා වෙයි.
මේ අතර ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා යළි පත් කිරීමට යෝජනා වී ඇති අතර වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා රෝහලේ අධ්‍යක්ෂක ධූරයෙන් පහ කරන්නේ නම් පමණක් තමා රෝහලේ සභාපති ධූරය භාර ගැනීමට සුදානම් බවය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරය කෙසේ වෙතත් සිය අධ්‍යක්ෂක ධූරය ද අහිමි වීමේ අවදානමක් පවතින බව දැන ගෙන ඇති වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සිය පට්ටම රැක ගැනීම සඳහා මේ දිනවල විවිධ උපාය උපක්‍රම යොදමින් සිටියි.
ඊට හොඳම උදාහරණය වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා කොළඹ,තලවතුගොඩ "ග්‍රෑන්ඩ් මොනෑච්"හෝටලයේදී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට ඊයේ (12) රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීමය.
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ද ආරාධනා කර ඇති සුසිත් සේනාරත්න මහතා ඇමතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි පසු තමා ගැන ඔහු සමග ගුණ ගායනා කරන්න යැයි එම අවස්ථාවට එක්ව සිටී විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.
වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාගේ විස්කි-බ්‍රැන්ඩි සහ රස මසවුලු ඇතුළු කෑම බීම ආදියෙන් රස නහර පිනවා ගෙන සන්තර්පණය වී සිටී එම විශේඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමතිවරයා සමග සුසිත් සේනාරත්න මහතා ගැන ගුණ වයා තිබේ.
සුසිත් සේනාරත්න මහතා මේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා වෛද්‍යවරුන් ඇතුළු හැට දෙනෙකුට ආරාධනා කළත් ඔහුගේ එම ආරාධනය පිළි ගෙන කන්න බොන්න පැමිණ තිබෙන්නේ වෛද්‍යවරුන් අට දෙනෙකු පමණි.
මේ අතර ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සේවක සේවිකාවන් සහ වෘත්තීය සමිති සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ චෝදනා රැසක් එල්ල වී සිටින සුසිත් සේනාරත්න මහතා රෝහලේ සභාපති ධූරයට කිසිසේත් පත් නොකරන අතර ඔහු රෝහල් අධ්යක්ෂ ධූරයෙන් ද පහ කරන ලෙසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3