අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජපුරේ ඇඟිලි සළකුණින් කෝටි ගණනක ගැහිල්ලක් !

ජපුරේ ඇඟිලි සළකුණින් කෝටි ගණනක ගැහිල්ලක් !

ජපුර රෝහල අනතුරේ -දිනක පාඩුව ලක්ෂ 47 යි රෝහල පාලුවට යයි-වර්ජනය දිගටම (සුජිත් මංගල ද සිල්වා) හෙද හෙදියන්ගේ පැමිණීම සහ පිටවීම ලකුණු කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කිරීම ඇතුළුව ශ්‍රී ජයවර්ධන පුර…

ජපුරේ ඇඟිලි සළකුණින් කෝටි ගණනක ගැහිල්ලක් !

ජපුර රෝහල අනතුරේ -දිනක පාඩුව ලක්ෂ 47 යි

රෝහල පාලුවට යයි-වර්ජනය දිගටම

 

(සුජිත් මංගල ද සිල්වා)

හෙද හෙදියන්ගේ පැමිණීම සහ පිටවීම ලකුණු කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කිරීම ඇතුළුව ශ්‍රී ජයවර්ධන පුර රෝහලට පරිගණක දත්ත සටහන් ක්‍රමයක් හඳුන්වාදීමේ ක්‍රියාවලිය පිටුපස මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු වෙමින් පවතින බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.

 ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත සේනාරත්න මහතා ප්‍රධාන පාලනාධිකාරිය මේ පරිගණක දත්ත සටහන් ක්‍රමය රෝහලේ ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට ලබාදී තිබෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව වන අතර කිසිදු විනිවිදභාවයකින් තොරව මේ වන විටත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක් ගෙවා තිබෙන බව ද හෙළි වී තිබේ.

දැන්වීම

 ශ්‍රී ජයවර්ධන පුර රෝහලට පරිගණක දත්ත සටහන් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මීට පෙර රෝහලේ පාලනාධිකාරිය “PC House” නමැති සමාගමට රුපියල් කෝටි 5 ඉක්මවූ මුදලක් ගෙවා ඇති නමුත් ඒ සමගම ඒ වැඩ කටයුතු නිවැරදිව සහ සම්පුර්ණයෙන් අවසන් කර නොමැති අතර එහිදී සිදුවූ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සම්භන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ මේ වන විටත් විමර්ශනයක් සිදු වෙමින් පවතියි.

 හෙද හෙදියන්ගේ පැමිණීම සහ පිටවීම ලකුණු කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවි කිරීම ඇතුළුව ශ්‍රී ජයවර්ධන පුර රෝහලට පරිගණක දත්ත සටහන් ක්‍රමයක් හඳුන්වාදීමේ අලුත්ම කොන්ත්‍රාත්තුව රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රධාන පාලනාධිකාරිය ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිය පෞද්ගලික හිතවත් සමාගමකට මෙසේ ලබාදීමට යන්නේ එමගින් මීට පෙර සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාව වසා ගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කෙරෙන පරීක්ෂණයෙන් ගැළවීම සඳහා යැයි එම රෝහලේ හෙද හෙදියෝ පවසති.

  ශ්‍රී ජයවර්ධන පුර රෝහලට අවශ්‍ය වන්නේ හෙද හෙදියන් ඉලක්ක කර ගත් පරිගණක දත්ත සටහන් ක්‍රමයක් නොව රෝගියා මුල් කර ගත් දත්ත ක්‍රමයක් බව පෙන්වා දෙන එම හෙද හෙදියෝ එවැනි පරිගණක දත්ත සටහන් ක්‍රමයක් රෝහලට තවමත් නොමැති බව ද පෙන්වා දෙති.

මේ ක්‍රියාවලියට එරෙහිව  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ හෙද හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය හය වැනි දිනටත් අද (08) දහවල් 12.00 ට එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙති.

එම උද්ඝෝෂණයට සහය පළ කරමින් කොළඹ ජාතික රෝහලේ,කළුබෝවිල රෝහලේ,මහනුවර මහා රෝහලේ,කොළඹ ඇස් රෝහලේ සහ කළුතර රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය ද අද (08) සංඛේත වැඩ වර්ජනයක නිරත වෙති.

සාමාන්යෙන් දිනකට රෝගීන් 600ත් 800ත් අතර පිරිසක් ජයවර්ධන පුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන නමුත් මේ ප්‍රශ්නය හේතුවෙන් නේවාසික රෝගීන් සංඛ්‍යාව  මේ වන 50 දක්වා අඩු වී තිබෙන අතර රෝහලේ දිනක පාඩුව රුපියල් ලක්ෂ 47 දක්වා ඉහළ ගොස් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජපුරේ ඇඟිලි සළකුණින් කෝටි ගණනක ගැහිල්ලක් ! | Lanka Newsweek