ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා…
ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ප්‍රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා සිදුවී තිබේ. කර්මාන්ත ශාලා ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට ද සිදුවී තිබේ.
මැග්නිටියුඩ් 6.1 ක් වූ භූ කම්පනය මගින් සුනාමි අවදානමක් හට නොගත් අතර ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාර ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.
ජපානය පිහිටා ඇත්තේ භූ කම්පන බහුල කලාපයකය. එසේම මැග්නිටියුඩ් 6 ට වඩා ප්‍රබලත්වයකින් ලොව සිදුවන භූ කම්පන වලින් 20% ක පමණ ප්‍රමාණයක් සිදුවන්නේ ජපානයේය.
ඔසාකාහිදී නගරයට උතුරින් සඳුදා (18) සිදුවූ භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු අටට පමණ සිදුවූ බව කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරයි.
දුම්රිය ගමනා-ගමනය අඩාලවේ දැරිය මියගොස් තිබෙන්නේ සිය පාසලේ බිත්තියකට යටවීමෙනි. වයෝවෘද්ධ පුද්ගලයෙක් ද බිත්තියකට යටවී මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා නිවසේ පොත් රාක්ක අතර සිරවීමෙන් මියගොස් ඇති බව NHK මාධ්‍ය ආයතනය වාර්තා කරයි.
සාමාන්‍ය තැනැත්තෙකුට සිටගෙන සිටීමට අපහසු තත්ත්වයේ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් කීපදෙනෙක් විදුළි සෝපානයන් තුළ සිරවී ඇති අතර, පුපුරා ගිය මහා මාර්ගවල කැඩී ගිය ජල නල හේතුවෙන් මාර්ග ජලයෙන් පිරී ඇත.
නිවාස 170,000 ට පමණ විදුළි බලය නොමැති අතර නිවාස 100,000 ක පමණ ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ජපෑන් ටයිම්ස් (Japan Times) පුවත්පත වාර්තා කරයි.
භූ කම්පනයෙන් පසු සුපිරි වෙළඳසැල්
අධිවේග දුම්රිය සහ සාමාන්‍ය දුම්රිය සේවා උදෑසන කාර්ය බහුළ කාලයෙදී නවතා දමන්නට යෙදිණි.අවට නගර කීපයකටම මෙම භූ කම්පනයේ බලපෑම ඇතිවී තිබේ.ඉදිරි දින කීපය තුළ තවත් බලවත් කම්පනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා ආයතනය අනතුරු හඟවා තිබේ.
(BBC සිංහල සේවය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1